ත්‍රිකුණාමලයේ පොළව සෙලවෙි

ත්‍රිකුණාමලයේ පොළව සෙලවෙි

ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් හටගෙන තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසුවේ රිච්ටර් මාපකයේ ඒකක 3යි දශම 5ත්, 3යි දශම 8ත් අතර අගයකින් යුතු කම්පනයක් හටගෙන ඇති බවයි.

අද (15) අළුයම 12යි 35ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බව ආචාර්ය චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසීය.

හක්මන, මහකනදරාව හා පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථාන වලද අදාළ කම්පනය සටහන් වී ඇති බව හෙතෙම පවසයි.

මෙම කම්පනයෙන් කිසිඳු හානියක් වාර්තා නොවන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *