තව මාසයකින් උදයංග ලංකාවට—හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

තව මාසයකින් උදයංග ලංකාවට—හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

උදයංග ලංකාවට කැදවූ හේතුව මහින්ද කියයි.. එන දිනයත් කියයි..
උදයංග වීරතුංග රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයා මෙරටට ඒමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එරට ඉගෙනුම ලබන ඔහුගේ දරුවන් එහි පාසැල්වලින් ඉවත් කර ගැනීමට එම කාලය ගතවනු ඇතැයිද රාජපක්‍ෂ මහතා පැවසීය.

වීරතුංග මහතා මෙරටට ගෙන්වා දෙන්නේ යයි තමන් කියා සිටියේ ආණ්ඩුවට උදවුවක් ලෙස බවද ඒ මහතා කීය.

කතරගම කිරිවෙහෙරේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *