තවමත් විසඳුම් නොලැබූ මාරාන්තික උපවාසය පස්වන දිනටත් ක්‍රියාත්මකයි

තවමත් විසඳුම් නොලැබූ මාරාන්තික උපවාසය පස්වන දිනටත් ක්‍රියාත්මකයි

මිරිගම කටුවකැලේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධි ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක් සම්බන්ධය වහාම නීතිය ක්‍රියාත්මක කර නිර්මල බුදු දහමට වන හානිය වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ මාරාන්තික උපවාසය පස්වන දිනටත් ක්‍රියාත්මකයි

මෙම උපවාසය පසුගිය හත්වැනි දා අනුරාධපුර අමථ ධම්ම ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කලේය

මෙම ප්‍රදේශයේ චීවරධාරී භික්ෂුන් වහන්සේ නමක් යැයි පවසන පුද්ගලයකු විසින් පවත්වාගෙන යනු ලබන මෙම ධර්ම මධ්‍යස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව පවත්වාගෙන යනු ලබන බවත් මෙම ධර්ම ආයතනය පවත්වාගෙන යනු ලබන චීවරධාරී පුද්ගලයා නම් දෙකකින් පෙනී සිටින බවටත් මාරාන්තික උපවාසයේ යෙදී සිටින අනුරාධපුර අමථ ධම්ම ස්වාමින් වහන්සේ පවසයි.

බස්නැවතුම්පල ඉදිරිපිට මෙලෙස මාරාන්තික උපවාස යෙදෙන උන්වහන්සේගේ ඉල්ලීම පිළිබඳව සොයාබැලීම සඳහා පසුගිය දින කිහිපය තුළ මෙම ස්ථානයට බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් ; බෞද්ධ කටයුතු කොමසාරිස් ; සුනන්ද කාරියප්පෙරුම බස්නාහිර පළාත උතුරු භාර නියෝජ්‍ය පොලිස්පති වරුන ජයසිංහ මහතා ද පැමිණ කරුණු කාරණා සදහන් කල අතර මේ සඳහා දින කිහිපයක් ලබාදෙන ලෙසත් උන්වහන්සේගෙන් ඉල්ලීම් කලේය.

එම ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ වහාම එම මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කරන තෙක් එම උපවාසය නතර නොකරන බවයි ඔවුන්ට ප්‍රකාශ කළේ. මෙි වන විට එම ස්ථානයේ මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සියලුම විහාරස්ථානවල හිමිවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් ද රැඳී සිටින අතර එම ස්ථානයට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඕමල්පේ සෝභිත හිමි ද පැමිණ සහාය දැක්වීම සිදුකළේය

මෙහිදී ඉඳුරාගාරේ ධම්මරතන හිමි ප්‍රකාශ කළේ මේ සම්බන්ධව ජනාධිපතිතුමා ද දැනුවත් කර ඇති බවත් බුදු දහමට වන හානිය වැළැක්වීමට වහාම ක්‍රියාත්මක විය යුතු බවත්ය. ඔිමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළේ උන්වහන්සේ මෙම ගත් ක්‍රියාමාර්ගය නිර්මල බුදුදහම වෙනුවෙන් ගත් තීරණයක් බවත් මහා සංඝරත්නය උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *