තවත් 145කට කොරෝනා

තවත් 145කට කොරෝනා

මිනුවන්ගොඩ කොරෝනා පුපුරා ආශ්‍රිතව තවත් ආසාදිතයන් 145 දෙනකු වාර්තා වූ බව බොහෝ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඔවුන්ගෙන් 48 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථානය තුළින් හඳුනාගත් අය වන අතර ඉතිරි 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

ඒ අනුව අද දිනයේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 194 කි.

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව පමණක් මේ වන විට ආසා ආසාධිතයන් 1591 වාර්තා වී තිබේ.

මේ අතර කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල් 12 ක වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව 1581 බවයි.

අද වාර්තා වූ මෙම නව රෝගීන් සංඛ්‍යාවක් සමඟම ආසාදිත ප‍්‍රමාණය 1648 දක්වා ඉහල යයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කල සියලුම ඇඳන් සංඛ්‍යාව පිරී ගොස් ඇත.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඇති ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *