තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු මරණයට

තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු මරණයට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ මරණයට පත්වූ බවයි.

ඒ අනුව මෙරට වාර්තාව කොරෝනා මරණ සංඛ්‍යාවක් 40 දක්වා ඉහළ යයි.

අද මියගිය පුද්ගලයන්ගේ තොරතුරු මෙසේය.

රාජගිරිය ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක විසූ 51 වියැති පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නියුමෝනියා තත්වයයි.

කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචි 45 වියැති පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ පෙනහළු ආසාදනයකි.

ගම්පහ උඩුගම්පොල ප‍්‍රදේශයේ පදිංචි 63 වියැති කාන්තාවක් ගම්පහ දිස්ත‍්‍රික් රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නිවුමෝනියා තත්වයකි.

වයස 55-60 අතර හදුනා නොගත් පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *