තවත් ආසාදිතයින් 213ක්
තවත් ආසාදිතයින් 213ක්
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් අද (06) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ඔහු පැවසීය.
මේ දක්වා මෙරටින් කොවිඩ් රෝගීන් 12,783ක් හමුව ඇති අතර ඉන් 5,568 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ රෝගීන් ගණන 7,183කි.
ඒ අනුව, මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 9,305කි.