තවත් ආසාදිතයින් 168ක්-ඊයේ දිනයේ 582 ක්

තවත් ආසාදිතයින් 168ක්-ඊයේ දිනයේ 582 ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 168ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 115ක් ධීවර ප්‍රජාවෙන් හඳුනාගත් බවත් අනෙක් 53දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසීය.

ඒ අනුව, ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 582කි.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 6,313කි.

මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 9,791 ක් වන අතර ඉන් 5,630 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට, 4,142ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *