තවත් ආසාදිතයන් දෙදෙනකු මිය යයි..මියගිය කොරෝනා ආසාදිතයන් ගණන 96 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් දෙදෙනකු මිය යයි..මියගිය කොරෝනා ආසාදිතයන් ගණන 96 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනෙකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ගණන 96 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට අනුව එම මරණ සිදු වී ඇති ආකාරය මෙසේය.

කොළඹ 12 පදිංචි 45 හැවිරිදි කාන්තාවක් කොලඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනය මරණයට හේතුවයි.

පන්නිපිටියේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක් පිඹුර රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය හේතුවෙන් අක්මා ආසාදනය උග‍්‍ර වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *