තම පුතාට බෙහෙත් කිරීමට තවත් දරුවන් දහස් ගණන ගේ ජීවිතවලට හානි කළ අපූරු පියා මෙන්න–විීඩියෝ සහිතයි

පාසල් දරුවන් ඉලක්ක කරගෙන විකුණුම් මෙරට අලෙවි කිරීමට තහනම් මාවා මත්ද්‍රව්‍ය තොගයක් තිහාරිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට

‍්පාසල් දරුවන් ඉලක්ක කරගෙන නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේදී මාවා මත්ද්‍රව්‍ය අලෙවි කළ ස්ථානයක් පොලීසිය මගින් වටලා එහි තිබූ කිලෝ හයක පමණ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත

පිළිකා ඇතිවන ශරීර සෞඛ්‍යයට දැඩි ලෙස අහිතකර මාවා මෙරට අලෙවියට තහනම් මත් ද්‍රව්‍ය විශේෂයකි මෙම අලෙවි ස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ තිහාරිය ප්‍රදේශයේ පාසලක් පෙනෙන මානයේය මෙම මත්ද්‍රව්‍ය සඳහා දරුවන් නොමඟ යවා යොමු කරගෙන ඇති අතර මෙම ස්ථානයේ දී ඒවා පැකට් කර අලෙවි කරනු ලබන බව පොලිසිය සඳහන් කරයි

මෙවැනි පුද්ගලයන් දරුවන් නොමඟට යවා සමාජ විරෝධී දේවල් යොමු කිරීමට කටයුතු කිරීම නිසා තම දරුවන් පිළිබඳව නිරතුරුව විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී

පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමා සනීප දරුවකුට මසකට රුපියල් දාහක මුදලක් අවශ්‍ය නිසා මෙම මත්ද්‍රව්‍ය අලෙවියට යොමු වූ බවයි ඔහුගේ සිදු කර ඇත්තේ දරුවා වෙනුවෙන් තවත් දරුවන් දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිතවලට හානි කිරීමයි

සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

විශේෂ වැටලීම් නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති නලින්ද දිල්රැක් මහතාගේ මෙහෙයුම වත සිදුකෙරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *