තම එකම සිඟිත දියණියගේ අක්මාව බද්ධ කරන්න‍ රුපියල් ලක්ෂ 80 ක මුදලක් සොයන තරුණ දෙමාපියෝ

 තම තම එකම සිඟිත දියණියගේ අක්මාව බද්ධ කරන්න‍ රුපියල් ලක්ෂ 80 ක මුදලක් සොයන ගාල්ල හබරාදුවේ තරුණ දෙමාපිය යුවලකගේ  ඉල්ලිමක්අපවෙත ලැබී තියෙනවා .මුදල් කියන සාදකය මත දරුවෙකුගේ ඉරණම තීරණය වනවිට දෙමාපියන් පත්වන අපහසුතාවය මැනවින් වටහාගත් අප ඔවුන්ගේ ඉල්ලීම පලකිරීමට තීරණය කලෙමු ඔබට හැකි ආකාරයකින් ඔවුන්ට උදවු කරනලෙස අපද ඉල්ලන්නෙමු 

තෙනුජී  ඉමෙත්මා දරුවාගේ මව නිරෝෂා ලක්මාලි විජේරත්න මහත්මිය.

බබා මාස තුනක් යන කම් හොදට හිටියා මාස තුනක් විතර යන කොට බබා හොදටම අඩන්ට පටන් ගන්තා.වෛද්‍යවරයෙක් යොදවා බැලු වා එවිට කිවා මේ දරැවාගේ අක්මාව ලොකුයි කියලා ස්කෑන් පරික්ෂණයක් කරමු කිය කියලා.එවිට කිවා ප්‍රශ්ණයක් නෑ.පසුව අපි කරාපිටිය රොහලට ඇතුලත් කළා.පරික්ෂණයක් කළා. පසුව  රෝගයක් නෑ කීවා පුතිකාර අරගෙන ගෙදර ආවා පසුව දගින් දිගටම දරුවා අඩනවා. යළිත් දරුවා රෝහල්ගත කළා.බොරැල්ල රෝහලට යැව්වා පසුව කිවා මේ දරුවට පිතාශයක් නෑ කියලා. ඔපරේෂන් කරන්න බෑ කියලා අපිව ආපහු එව්වා. පසුව ගාල්ල කරාපිටියෙන් අපි ව යොමු කළා රාගම රෝහලට.දරුවාගේ පරික්ෂණ සිදුකළා වෛද්‍යවරු මෙහිදි මුදල්ල ද ගත්තේ නෑ. මෙයාට පිතාශයක් තියනවා මේයට අක්මාව සවුත්තු එක තමයි තියෙන්නේ කියලා.

මේ අනුව වෛද්‍යවරු කිවා මෙයාට මාස එක හමාරක් යන්නට ප්‍රථම අක්මාවක් බද්ධ කරන්න කියලා. මේ සඳහා රුපියල්  ලක්ෂ 80ක් පමණ යනවා මේ දරවාගේ සැක්තම ඉන්දියිවේ දි සිදු කරන්න තමයි ලක්ෂ 80ක් වැය වෙන්නේ යැයි ඇය කිවාය.

මේ සඳහා මේ දෙමාපියන්ට වත්කමක් නැත මේ දරුවාගේ ජීවිතය බේරාගන්නට යමක් සිදුකර දෙන ලෙසයි මේ දරුවාගේ දෙමාපියන්  කාර්ණික මිනිසුනගෙන් ඉල්ලා සිටින්නේ. දරුවාගේ මවගේ බැංකු පොතේ චයාරුපයක්ද අප වෙත ලැබී තියෙනවා  

දරුවාගේ පියා දඩල්ලගේ  සුපුන් සඳමාල් මහතා (29)  

මගේ දරැවගේ වසය දැන් මාස හයක් පමණ වෙනවා. තවත් දින පහලොවක් යන්නට ප්‍රථම මේ සැත්කම සිදුකළ යුතුයි. මාස එක හමාරක් සිට තමයි මෙය සිදුකරන්න මුදල් සොයන්නේ හැකි නම් අපට උපකාරයක් තිබෙන විදියට සිදුකරන්න කියලා  ඔබගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *