වගකීම් බාරගෙන කටයුතු කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නිසා

තමන්ට පැවරී ඇති වගකීම් බාරගෙන කටයුතු කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නිසා —රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

තමන්ට පැවරී ඇති වගකීම් බාරගෙන කටයුතු කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නිසා බවත් තමන්ගේ ගරුත්වය එතුමියට හිමිවන බවත් රාජ්‍ය කළමණාකරන හා රාජ්‍ය ගිණුුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ පෙරේදා(27* කොෂිබා ප‍්‍රජාසත්කාරක පදනම මගින් මීරිගම තලගම ප‍්‍රදේශයේ පැවත්වන ලද දානමය පිංකමකට සහභාගීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් ඇසූ ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙමිනි.

මෙම දානමය පිංකම සදහා මීරිගම ශාසනාරක්ෂක බලමන්ඩලයට අයත් පන්සල් වල සියලූම නායක ස්වාමීන් වහන්සේලා වැඩම කරවීය. මෙවර අය වැයක් මගින් නොවෙයි සල්ලි අනුමත වෙලා තිබෙන්නේ . මාස තුනක් සදහා තාවකාලිකව .විශේෂයෙන් මේ සකස් කරන ඇස්තමේන්තුවලදී විශ‍්‍රාම වැටුප් ස`දහා අදාල මුදල අනුමත වෙලා නෑ. ඒ නිසා තාවකාලික අත් හිටුවමක් තමයි කරලා තියෙන්නේ. විශේෂයෙන් මැතිවරණයක් තුලින් පිහිටුවන ආණ්ඩුව තුලින් සියළුම වැටුප් විශමතා ඉවත් කරනවා.

මම මහර ආසනයේ සංවිධායක වරයා ලෙස දිගටම කටයුතු කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත‍්‍රික් නායකයා විදිහට යම් ආසනයක කටයුතු පිළිබ`දව පක්ෂය තීරණයක් ගත්තොත් යම් කෙනෙක් පත්කරන තෙක් ඒ ආසනයේ වැඩ කරනවා.
මොනම ආකාරයකින්වත් බණ්ඩාරනායක වරුන් සමග රණ්ඩු වෙන්නේ නෑ. මම අද මෙතන ඉන්නේ බණ්ඩාරනායක වරු හින්දා. ඒක මම අමතක කරන්නේ නෑ. විශේෂයෙන් චන්ද්‍රිකා මැතිණිය හින්දා තමයි මම මේ වගකීම බාර අරගෙන කටයුතු කරන්නේ. මගේ ගරුත්වය සෑම දාම මම එතුමියට ලබා දෙනවා. ඒ නිසා මම චන්ද්‍රිකා මැතිණිය හෝ මම බණ්ඩාරනායකවරුන්ට අභියෝග කරන්න යන්නේ නෑ. මම අත්තනගල්ලේ උපන් කෙනෙක්. පක්ෂය වගකීමක් බාර දීලා තියෙනවා. මම ඒ කටයුත්ත බණ්ඩාරනායක වරුන්ගේ ආශිර්වාදය අරන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඊලග මැතිවරණය අපි සංධානයකින් ඉදිරිපත් වෙනවා. එය මොනම ආකාරයකින්වත් ගැටළුවක් නෑ. ජනාධිපතිවරණයට අපි ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහනය වෙනුවෙන් අපි තීරණාත්මක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දීලා ඒ යුතුකම් ඉටු කලා. අද ආණ්ඩුව තුලත් අපි පක්ෂ දෙක ඉතාමත් සුහදව කටයුතු කරනවා. මැතිවරණය ප‍්‍රකාශ කලාට පස්සේ අපි ඒ පිළිබදව සාකච්ඡුා කරලා ඉදිරි කටයුතු සිදු කරනවා. මොනවත් ගැටළුවක් ඇති වෙලා නෑ. අපි තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ලබා ගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවලා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල කරගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය කටයුතු කරනවා.

හඩ පට පටිගත කරපු අයත් වැරදියි. ඒ වගේ පුද්ගලයොත් එක්ක වගකීමකින් තොරව කතා කරපු අයත් වැරදියි. නීතියට පරිබාහිරව යම් දෙයක් සිද්ධවෙලා තියෙනවා නම් නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි.
අද ජනතාව ඉතාමත් බුද්ධිමත්. අපට වඩා ඉදිරියෙන් ජනතාව ඉන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනැ. එම නිසා මෙවර ජනාධිපතිවරනයේදීත් විවිධ අපේක්ෂකයින් විවිධ පොරොන්දු ලබා දුන්නා. ඒවා එකකටවත් ජනතාව මුලා වුනේ නෑ. ඒ නිසා ජනතාව මේ මැතිවරණයේදිත් රටේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ දර්ශණය , ප‍්‍රතිපත්තිය අනුව ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන්න පුළුවන් ඒ නිවැරදි අපේක්ෂකයො තෝරා ගන්නා බවට මට විශාල විශ්වාසයක් තියෙනවා
.
මේ අවස්ථාවට මීරිගම ආසන සංවිධායිකා සුනේත‍්‍රා සමරකෝන් මහත්මිය ඇතලූ ප‍්‍රාදේශිය මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *