ටියුෂන් මාෆියාවට තිත—ජීවන වියදම වැඩි වීමට හේතුවක් උපකාරක පංති

ටියුෂන් මාෆියාවට තිත—ජීවන වියදම වැඩි වීමට හේතුවක් උපකාරක පංති

ටියුෂන් මාෆියාවට අවශ්‍ය විදිහට මින් ඉදිරියට කිසිදු ජාතික මට්ටමේ විභාගයක් පවත්වන්න ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

බිංගිරිය උඩවෙල රේවත මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ඉගනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

වාර්ථමානයේ නිර්මාණය කරගෙන ඇත්තේ ටියුෂන් මූලික කරගත්ත අධ්‍යාපනයක් බවත් උපකාරක පංති යන්නෙ නැත්තම් එය සමාජයෙන් කොන් වීමක් බවට හැගීමක් දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද දැනෙන බවත් අමාත්‍යවරයා පවසයි.

මින් ඉදිරියට අලූයම 7ට පෙර කිසිදු උපකාරක පන්තියක් පවත්වන්නට නොහැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අසන්න දිනයකදිම ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වර්ථමානයේ ජීවන වියදම වැඩිවීමට ද ප්‍රධානම කාරණාවක් උපකාරක පංති බව ද අමාත්‍යවරයා එහිදි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *