ට්‍රම්ප්ගේ හොර වැඩක් මාට්ටුු
2015 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ වැදුණ ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවධියේ “පුදුමාකාර විශිෂ්ට මට්ටමේ ශරීර සෞඛ්‍යයකින් පසු වෙන” බව පැවසෙන වෛද්‍ය වාර්තාව ඔහු විසින්ම ලියා ගන්නා ලද එකක් බව ඔහුගේම හිටපු වෛද්‍යවරයා පවසයි.
එම තොරතුරු ඇතුළත් වෛද්‍ය වාර්තාවට තමා අත්සන් කළත් එය ලියා ගන්නා ලද්දේ එවක ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම යැයි වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන් (Harold Bornstein) කියාසිටී.
ඩොනල්ඩ් ට්‍රම්ප් “අති විශිෂ්ට ශාරීරික ශක්තියකින් සහ දරා ගැනීමේ ශක්තියකින් සමන්විත එසේම ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් කර ගනු ලබන අතිශයින් නිරෝගී පුද්ගලයා” වනු ඇතැයි ද එම ලිපියේ දැක්වේ.