ඥානසාර හිමි අමුත්තන් හමුවීම ප්‍රතික්‌ෂේප කරයි

ඥානසාර හිමි අමුත්තන් හමුවීම ප්‍රතික්‌ෂේප කරයි

සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරකරුවන් පහළොස්‌ දෙනකු රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර්. වාට්‌ටුවේ රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

උන්වහන්සේ ඊයේ (15 වැනිදා) දිනයේ තමන් වහන්සේව බැහැදැකීමට පැමිණෙන අමුත්තන් හමුවීම ප්‍රතික්‍ෂේප කර ඇත.

ඥානසාර හිමියන් බන්ධනාගාර ගතකර පෙරේදා (14 වැනිදා) රාත්‍රි වෛද්‍යවරයකු පැමිණ උන්වහන්සේ පරීක්‌ෂා කර ඇති අතර එහිදී උන්වහන්සේගේ පාදයේ තිබූ තුවාල කිහිපයකට ප්‍රතිකාර කර ඇති බව සඳහන්ය.

ආර්. වාට්‌ටුවේ රඳවා ඇති සිරකරුවන් යහපත් කල් ක්‍රියාවෙන් යුතුව සිටින සිරකරුවන් බවත් ඔවුන් ඥානසාර හිමියන් වෙත නොමඳ සහාය ලබාදෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

වරදකරුවකු වූ ඕනෑම අයකුට බන්ධනාගාරයෙන් ලබාදෙන ජම්පරය ඇදීම අනිවාර්ය වූවද ඥානසාර හිමියන් තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ඉදිරිපත් කර ඇති හෙයින් උන්වහන්සේ තවදුරටත් චීවරය දරාගෙන සිටින බව ආරංචි මාර්ග කියා සිටියි.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *