ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද

බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද (14) හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

ඒ හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කිරීම හේතුවෙන්.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාළ චෝදනාවට වරදකරු බව තීරණය කළ හෝමාගම මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා ඥාණසාර හිමියන්ට ඳඩුවම් නියම කිරීම කල් තබන ලදී.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට ඇති යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනෙකු හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ දැනට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කරන රංග දිසානායක මහතා විසින් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණය තුළට පැමිණ අධිකරණයට අපහාස වන අන්දමින් බැණ වැඳී ඇති අතර ඉන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කොට ඇති බව නඩු විභාගයේදී සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *