ජුලි 06 සිට සිසුන් සඳහා පාසල් විවෘතයි–උසස් පෙළ සැප් 7 වන දා සිට– ශිෂ්‍යත්වය සැප් 13

ජුලි 06 සිට සිසුන් සඳහා පාසල් විවෘතයි–උසස් පෙළ සැප් 7 වන දා සිට– ශිෂ්‍යත්වය සැප් 13

පාසල් නිවාඩු කාලය ජුනි මස 29දායන් අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව පාසල් ආරම්භ කිරීම පියවර 4කට සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහි පළමු පියවර අනුව, ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යනය කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මන්ඩල සඳහාය.

ඉන් පසු දෙවන පියවර අනුව , ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටයි.

ඒ අනුව පළමුවෙන් පාසලට පැමිණෙන්නේ 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

එමෙන්ම තෙවන පියවර අනුව ජුලි මස 20වනදා සිට 24වනදා දක්වා පාලසට පැමිණේන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් පමණයි.

සිව්වන අදියර ආරම්භ වන්නේ ජුලි 27වදා සිටයි.

එම දිනයේ සිට පාලසට පැමිණේන්නේ 3, 4, 6, 7, 8 සහ 9 වන ශ්‍රේණි සිසුස් පමණයි.

කෙසේ වෙතත් පළමු සහ දෙනව ශ්‍රේණි සිසුන්ට පාලසට පැමිණීම සඳහා තවමත් දිනයක් තීන්දු කර නොමැති බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර සැප්තැම්බර් මස 13 වන දින පැවැත් වීමට තීරණය කර තිබේ.

අද(09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මීට පෙර ශිෂ්‍යත්වය පැවැත් වීමට අගෝස්තු 3 වන දින තීරණය කර තිබේ.

උසස් පෙළ සැප්තැම්බර් 7 වන දා සිට

මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ.

අද(09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මීට පෙර තීරණය කර තිබුණේ අගෝස්තු මස 5 වන දින සිට සැප්තැම්බර් මුල දක්වා ක්‍රියාත්මක කිරීමට බවයි.

විභාග පැවැත් වීම සම්බන්ධයෙන් පැවතියේ විකල්ප දෙකක් බවත් පැවසු අමාත්‍යවරයා, එකක් වන්නේ ආවරණය නොකරන ලද විෂය මාලා ඉවත් කර ප්‍රශ්න පත්‍ර සැකසීම බවද පැවසීය.

දෙවැනි විකල්පය වන්නේ විභාගය කල්දැමීම යැයි ද පැවසු අමාත්‍යවරයා, මුල දී නම් පළමු විකල්පය යෝග්‍ය යැයි සිතු බවද කියා සිටියේය.

නමුත් පළමු වතාවට විභාගයට මුහුණ දෙන සිසුන් දහස් ගණනක් එයට සුබවාදී ප්‍රතිචාරයක් නොදැක් වු බවත් පැවසු අමාත්‍යවරයා, දෙවැනි හා තුන්වන වරට උසස් පෙළ සඳහා ඉදිරිපත් වෙන සිසුන් ද එයට අකමැති වු බව පැවසීය.

එනිසාවෙන් උසස් පෙළ කල් දැමීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *