ජා ඇල පොලිසියේ 90 ක් පී සී ආර් පරීක්ෂණයට

ජා ඇල පොලිසියේ 90 ක් පී සී ආර් පරීක්ෂණයට

වැඩ බලන පොලිස් පති තුමාගේ විශේෂ ඉල්ලිමක් පිට ජාඇල පොලිස් ස්ථානයේ සාමාජිකයන් 90 දෙනෙකු ඊයේ දින (2) කටාන පොලිස් අභ්‍යයාස විදුහලේදි පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු යොදා තිබුන බව ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත බණ්ඩාර තිබිබුටුමුල්ල මහතා පැවසිය.

ඒ අනුව ජාඇල පොලිසියේ ස්ථානාධිපති වරයාගේ සිට පොලිස් පරික්ෂක සහ උප පොලිස් පරික්ෂක වරුන්,පොලිස් සැරයන් වරුන් සහ සියලු පොලිස් කොස්තාපල් සහ කාන්තා පොලිස් කොස්තාපල් වරියන් ඇතුලු පොලිසියේ සුලූ සේවකයා දක්වා සැවොම එම පරික්ෂණයට සහභාගි කරවා ගත් බව ජාඇල මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අෙබිරත්න මහතා පැවසිය.

පසුගිය සති කිපය තුළ ජාඇල සුදුවැල්ලේ කොවිඩි ආසාදිතයන් සමග ලග සබතා පැවැත්වුවන් සොයා ප්‍රදේශයේ කළ මෙහෙයුමි වලදි තම සෞඛ්‍ය අවදානමද නොතකා ජාඇල පොලිසිය විශාල දායකත්වයක් ලබා දි තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *