සෑම රටකම පාතාලය තියෙනවා පාතාලය මඩින්න සියල්ල සූදානම්

ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ජනපති නියෝගයක් මත පාතාල මර්ධනය කිරීමට සුදානමි—ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත රටේ පාතාලය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (25) ගම්පහදී පැවසීය.

ගම්පහ පැවති රැස්වීමක් අවසානයේ මාධ්‍යවේදීන් නැ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍ය වරයා එසේ කීය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.

” පාතාලය මර්ධනය කිරීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. පසුගිය දිනවල පාතාල කල්ලි මතුව තිබෙනව. ඒවා මැඩපවත්වා රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනව.

ප්‍රශ්ණය :- මේ වනවිට පොලීසියට වැඩි පාතාලය අතට අවි ආයුධ පත්ව තිබෙන බව කියවෙනව. මොකද මේ නියාමනයක් නැති නිසාද ? නියාමනයක් කිරීමට කටයුතු කරනවාද?

පිළිතුර :- ” පැවති යුද්ධයෙන් පසුව එක එක කල්ලි වලට ආයුධ ලැබිල තියෙනව. පසුගිය කාලයෙදි ඒවා සගවා තබාගෙන සිට එක් එක් අපරාධ කිරීමට මේවා භාවිතා
කරන බවක් පෙනෙන්ට තිබෙනව. මේ ගැන අපි දැන් පරීක්ෂණ පවත්වාගෙන යනව. කොහොමටත් අපි දැන් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තිබෙනව. ටික කාලයක් තුල රටේ අපරාධ කල්ලි තුරන් කිරීමට අපි බලාපොරොත්තු වෙනව. ”

ප්‍රශ්ණය :- මේ වනවිට පොලීස් නිලධාරීන්ගේ ජීවිත ගැන ප්‍රශ්ණයක් මතුව තිබෙනව. මේ වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් තිබෙනවද ?

පිළිතුර :- ” මේ ගැන සාමය හා නීතිය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසිය යුතුව තිබෙනව. මේ සම්බන්ධයෙන් එම අමාත්‍ය වරයා පොලිස්පති වරයා සමග සාකචඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවිය කියා මම විශ්වාස කරනව. මේ අවස්ථාවෙදි පොලිසියට තවත් අවි ආයුධ ලබාදී ශක්තිමත් කළ යුතුයි.”

ප්‍රශ්ණය :- ජාතික ආරක්ෂාවට මුදල් ප්‍රශ්ණ තිබෙනවද ?

පිළිතුර :- ” නැහැ . ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මුදල අපිට තිබෙනව. එහි ප්‍රශ්ණයක් නැහැ. නමුත් අපි මෙවැනි පාතාල ක්‍රියවන් මතු විෙවිය කියල හිතුවෙ නැහැ. මේ සදහා අවශ්‍ය පියවර ගනු ලබනව.”

ප්‍රශ්ණය :- පාතාලය ජාතික ආරක්ෂාවටත් ප්‍රශ්ණයක්ද ?

පිළිතුර :- ” නැහැ. ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ලෝකයේ වෙනත් රටවලත් මෙවැනි පාතාල කල්ලි සිටිනව. මේ රටේත් ඒවගෙ මතුවෙලා තිබෙනව. ඉදිරියෙදි අපේ රටේ තිබෙන මෙවැනි ප්‍රශ්ණ තුරන් කිරීමට හැකි වේවි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *