ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමක සුලමුල හෙළිකරගැනීමට හැකි වෙයි

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමක සුලමුල හෙළිකරගැනීමට හැකි වෙයි

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන කු කූඩු කන්නා සමඟ සම්බන්ධවි හෙරොයින් මෙරට අලෙවි කරනු ලබන ජාවාරමක සුලමුල හෙළිකරගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හැකිවුණා.

මෙම තොරතුරු අනාවරණය වූයේ ගමපහ ප්‍රදේශයට හෙරොයින් බෙදා හරිනු ලබන පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 150 ක් සමග අත්ඩංගුවට පත්වීමෙන් පසු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගනේමුල්ල ප්‍රදේශයේදි. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වෙනවා.

ඔහු කොළඹදී ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු වන අතර ගණේමුල්ල ප්‍රදේශයට බස් රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා. බුද්ධි තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

මෙම ජාවාරම්කරුවන් ජාත්‍යන්තර දුරකථන යෙදවුම් සඳහා ඉන්දියාවේ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මෙම මත්කුඩු ජාවාරම කරගෙන යන බවට තොරතුරු ලැබී ඇති අතර විශේෂ පරීක්ෂණ කටයුතු ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරයි.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරමුන් හසුකර ගැනීමේ වැඩ පිළිවෙලට අනුව බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක අසංක සමරසිංහ මහතා ඇතුළු සැරයන් වරුන් වන පුෂ්පානන්ද ( 2926) , සෙනෙවිරත්න ( 55466) , සුසිල් ධනපාල ( 55460) , ප්‍රදීප් සංජීව ( 60900) කොස්තාපල් වරුන් වන ලක්මාල් (37801) , සම්පත් ( 88549), මධුෂාන් (66741) , අනුරාධ (74087) සහ වීරතුංග (81544) යන නිලධාරීන් මෙම මත් කුඩු බෙදා හැරීමේ ජාලය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *