ජාඇළ කුඩු කතගේ නිවසින් නිල ඇඳුම හමු වූ සාජන් අතුරුදන්

ජාඇළ කුඩු කතගේ නිවසින් නිල ඇඳුම හමු වූ සාජන් අතුරුදන්

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ජාඇළ ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවකගේ නිවසේ තිබී නිල ඇ`දුම හමුවූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ සැරයන්වරයා සිද්ධියත් සමඟ අතුරුදන්ව ඇත.

මෙම සිද්ධිය අනාවරණය වීමත් සමඟ එම නිලධාරීයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මත්කුඩු ග‍්‍රෑම් අසූවක් සමඟ අත්අඩංගුවට ගත් රාජේස්වරී නමැති මෙම කාන්තාවගෙන් සිදු කළ ප‍්‍රශ්නකිරිම්වලදි තමන්ට මත් කුඩු තොගය ගෙනවිත් දුන්නේ දැනට සැඟවී සිටින පොලිස් සැරයන්වරයා බවද ඇය පොලිසියට පවසා ඇත.

මෙම කුඩු ජාවාරම්කාරිය කලකට ඉහත එල්ටීටීඊ සංවිධානය බලවත් සමයේ මුහුදු කොටි සාමාජිකයන් සම`ග සබ`දතා පවත්වමින් කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක බවද අනාවරණය වී තිබේ.

ඇය කිඹුලා ඇළේ ගුණා, ඇතුළු කල්ලියේ සාමාජිකාවක බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

උපුටා ගැනිම—දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *