ජවිපෙ ගෙන එන 20 ව්‍යවස්ථා සංශෝධනය විහිළුවක්–ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජවිපෙ ගෙන එන 20 ව්‍යවස්ථා සංශෝධනය විහිළුවක්–ජනාධිපති මහින්ද රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවට විධායක ජනාධිපති ක්‍රමය සත්‍ය ලෙසම අහෝසි කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාවක් ගෙන ආ යුතු බවත් ඉන් අනතුරුව එම යෝජනාව පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘පැවැසීය.

එවැනි ක්‍රියාවලියක් සිදුවෙනවා නම් ඊට පක්ෂ වනවාද නැද්ද යන්න පිළිබඳව තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කර තීරණයකට එන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන විත් ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන්නේ විහිළුවක් බවත් මෙවැනි දේවල්වලින් පෙනෙන්නේ ජවිපෙ ආණ්ඩුවේ යුතුකම් ඉටුකරන අයුරක් බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් සහභාගි විය යුතු යැයි තමා උපදෙස් දුන් බවත් පෞද්ගලික මන්ත්‍රි යෝජනා ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවට රැගෙන ඒමෙන් ඵලක් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *