ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයකට ගියා නම් එජාපයට මන්ත්‍රි ධූර 120ක් දිනාගන්න තිබුණා- අකිල විරාජ් කාරියවසම්

ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයකට ගියා නම් එජාපයට මන්ත්‍රි ධූර 120ක් දිනාගන්න තිබුණා- අකිල විරාජ් කාරියවසම්

යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමැති මණ්ඩලය සීමා කිරීම දේශපාලන වශයෙන් පාඩුවක් වුවත් එවැනි සාධනීය දේවල් අපහසුවෙන් වුවත් රට වෙනුවෙන් සිදු කළා යැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඔහු එම අදහස් පළ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

2015 ජනවාරි 08 වැනිදා විපක්‍ෂ අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වුණා. ඒ අවස්ථාවේ මහ මැතිවරණයකට ගියා නම් එජාපයට මන්ත්‍රි ධුර 120ක් දිනාගත හැකිව තිබුණා. දේශපාලන වශයෙන් කුමන ප්‍රශ්න තිබුණත් එම දින 100 කාලය රටේ උන්නතිය වෙනුවෙන් කැප කළා. 19 වැනි සංශෝධනය ආදිය සම්මත කොට රටට ජයග්‍රහණ අත්කර දීමට කටයුතු කළා. ජාතික න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කළා මිස දේශපාලන නායකත්වයක් අනුව කටයුතු කළේ නැහැ.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ගෙවී ගිය කාලයේදී හැකියාව ලැබුණා. අපගේ එකම දුර්වලකම මාධ්‍ය මඟින් ප්‍රචාරණයක් ලබාදීමට කටයුතු නොකිරීමයි. අපි කරන දේවල් ජනප්‍රිය නොවීමට හේතුව ඒකයි. අද මාධ්‍ය මර්දනයක් නැහැ. මාධ්‍යය සමබර කරන්න කියලයි ඉල්ලන්න වෙලා තියෙන්නේ. විපක්‍ෂයට දෙන ඉඩ අපටත් ලබා දෙන්න.

තේරුමක් නැතිව විවේචනය කරන අය මීට වසර 3කට පෙර රටේ පැවැති තත්ත්වයත් අද පවතින තත්ත්වයත් ගැන අමතක කළ යුතු නැහැ. ගෙවී ගිය කාලය තුළ බොහෝ ක්‍ෂේත්‍රවලින් රට ඉදිරියට ගෙන යෑමට අපි සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *