ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය මගින් පොදු අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය මගින් පොදු අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා පවසයි.

මල්වතු මහා විහාරය වෙත ගිය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද(20) මල්වතු පාර්ශවයෙන් මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදැක උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත වූ බව කියන විශ්වාසභංග යෝජනාව හා මන්ත්‍රි අත්සන් ලේඛනයක්ද මන්ත්‍රිවරුන් එහිදී මහ නා හිමියන් වෙත භාරදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *