ජනපති කැඳවූ සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරයි

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. මෙම සාකච්ඡුාව සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ද ආරාධනා කර තිබෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

කෙසේ වෙතත් තමන් මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩු කිරීම, ඉණ්ඩාරනායක ප්‍රතිපත්තීන්ගෙන් බැහැරව කටයුතු කිරී සහ හිටපු ජනාධිපතිනියගේ ප්‍රකාශයන් හේතුවෙන් මෙම සාකච්ඡා සාර්ථක වෙයි කියල අපි විශ්වාස කරන්නේ නහැ. ඒ නිසා අපි ඔය සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ.” යැයි මන්ත්‍රීවරයා පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *