ජනපති එනතුරු ශ්‍රීලනිප මුලස්ථානය වසා දමයි

ශ්‍රීලනිප පක්ෂ මහ ලේකම්ගෙන් වෙනත් අදහසක්

පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍යවල ප්‍රචරය වූ ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානය වසාදැමී මේ පුවත සම්බන්ධයෙන් විවිධ අදහස් පලවන ලදී එහෙත් එවැනි දැනුම් දීමක් ජනාධිපතිවරයා විසින් සිදු කර ඇතිබවට වාර්තාවන ලදී ඒ අනුව තමන් නැවත දිවයිනට පැමිණෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය වසා දමන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පක්‍ෂ මූලස්ථානයේ නිළධාරී මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දැනුම් දීමට අනුව පසුගිය 24 වැනිදා සිට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය වසා දමා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට තායිලන්තයේ සංචාරයක නිරතව සිටින අතර ඔහු නැවැත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස 31 වැනිදාය.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ වසර අවසානය බැවින් පක්‍ෂ මූලස්ථානයේ නිළධාරීන්ට හා සේවකයන්ට නිවාඩු ලබාදුන් බවය.මේ මස 31 වැනිදා පක්‍ෂයේ නිර්මාතෘවරුන් සිහිපත් කරමින් කතරගමදී පවත්වනු ලබන පිංකමින් පසුව ජනවාරි මස පළමුවැනිදා නැවැත පක්‍ෂ කාර්යාලය විවෘත කරන බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *