ජනපතිවරණයට පෙර පළාත් සභා – ජනපති ශී‍්‍රලනිප සංවිධායකවරුන්ට කියයි

ජනපතිවරණයට පෙර පළාත් සභා – ජනපති ශී‍්‍රලනිප සංවිධායකවරුන්ට කියයි

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන්ට ඊයේ (13 වැනිදා) දැනුම්දී ඇත.

ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණය කල්දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් ගැන කතා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කර ඇති ජනපතිවරයා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡුා කර තිබෙන බවද ප‍්‍රකාශ කර තිබේ.

පළාත් සභා 06 ක කටයුතු අක‍්‍රිය වී තිබෙන අතර එය කිසිසේත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර නොවන බවද ජනාධිපතිවරයා කියා ඇත.

ඌව හා මධ්‍යම පළාත් ශ‍්‍රීලනිප සංවිධායකවරුන් සමග ජනාධිපතිවරයා ඊයේ (13 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡුාව පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *