ජනපතිගේ නියෝග අදාළ නැති බැංකු
ජනපතිගේ නියෝග අදාළ නැති බැංකු
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග මෙරට කර්මාන්ත කඩා වැටීමකට ලක්වුණා. එය තවත් උග්රවූයේ කොරෝනා ව්‍යසනය රටම වෙලාගැනීමත් සමගයි. ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූ මෙරට ව්‍යාපාරිකයන්ට සහනයක් ලබා දෙමින් සහන පැකේජයක් හදුන්වා දීමට රජය ක්‍රියාකළා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. එය ව්‍යාපාරිකයන්ට මහත් සහනයක් වුවද ජනපතිගේ නියෝග තුට්ටුවකට මායිම් නොකරන බැංකු හා මූල්‍ය ආයතන ද අපේ රටේ පවතින බව දැන් සනාථ වෙමින් තිබෙනවා. ඒ රජය මගින් නතර කර ඇති දේපල වෙන්දේසිය ඇතැම් බැංකු හා මූල්‍ය ආයතන යළි ආරම්භ කිරීමත් සමගයි.
පානදුර ප්‍රදේශයේ පර්චස් 9.34 ක ඉඩම් කැබැල්ලක් ප්‍රසිද්ධියේ වෙන්දේසිකරන පෞද්ගලික බැංකුවක මෙම ක්රියාකළාපය තුළින් බැංකුවල අත්තනෝමතික ක්‍රියාකලාපය පැහැදිලි වේ. බැංකුවල මෙම අත්තනෝමතික ක්රියාලාපය නතර නොකළ හොත් මෙරට ව්‍යාපාර කඩා වැටෙන දිනය වැඩි ඈතක නොවෙනු ඇති. එසේ වුවහොත් දේශීය ආර්ථිකයට සිදුවන දේ අමුතුවෙන් විස්තර කළ යුතු නැත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයන්ද ප්‍රභලව නැගී සිටිය යුතු වනවා.

