දුලිප් විජේසේකර කියන්නේ ජනතා සටනේ පෙරගමන් කරුවෙක් // මහාචාර්ය නවගමුවේ රේවත හිමි

ජනතාව පීඩාවට පත් වන විට ඩුලිප් තමන්ගේ තනතුරු තානාන්තර අමතක කොට ජනතාවගේ පැත්තේ හිට ගන්නවා.–අමරපුර සද්ධර්මයුක්තික මහා නිකායේ අනුනායක දොම්පේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය.නවගමුවේ රේවත හිමි

දොම්පේ ප්‍රදේශයේ වෙසෙන බොහෝ යතිවරයන් වහන්සේලා විසින් පවසන ලද කරුණු කාරණා අසන්නනෙකුට, දොම්පේ දේශපාලනයත් කම්බි කොටුවත් යනු දෙකක් නොව එකකැයි සිතෙන්නට ඉඩ තිබේ. ඒ දෙක එතරම්ම සමීපස්ථය.

මේ වත්මන් දේශපාලනයත් කම්බි කොටුවත් එහි වත්මන් නියෝජනය ඩුලිප් විජේසේකරයන් පිළිබදව අදහස් දක්වන අමරපුර සද්ධර්මයුක්තික මහා නිකායේ අනුනායක දොම්පේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය.නවගමුවේ රේවත හිමි

දුලිප් විජේසේකර මහත්මයාගේ පියා, එනම් කම්බිකොටුවේ විජේසේකර රාළහාමි මේ පළාතේ හිටපු විශිෂ්ට ගණයේ දේශපාලකයෙක් විදිහටයි මහා සංඝරත්නය දකින්නේ. මූ හොඳ සමාජ සේවකයෙක්. බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නේ උදරාර්ථය සඳහා. අද ඉන්න බොහෝ දෙනෙක් අපට අගය කරන්නට බෑ. තව මට්ටම වන්නා බොහෝ ධනයක් උපයා ගෙනයි ඔවුන් යන්නේ. දේශපාලනය ධනෝපායන මාර්ගයක් කරගෙනයි ඉන්නේ. නමුත් විජේසේකර රාලහාමි ඔය කියන ගණයට වැටෙන කෙනෙක් නෙමෙයි. එතුමා කටයුතු කළේ ඉස්සර අපේ රටේ හිටපු හොඳ දේශපාලඥයන් අනුගමනය කරමින්. මට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉඩම් අයිතිය අක්කර 50 ක ට සීමා කළා. ඒ අනුව තමන්ට අයිති ඉඩම් පවා බෙදා දුන්නා. මේ විජේසේකර රාළහාමිත් ඒ වගේ කෙනෙක්.

කොච්චර ඉහළට ගියත් ඔහුට මුල අමතක වුනේ නෑ. නැගුණු ඉනිමගට පයින් ගැහුවෙත් නෑ. කැලයක් කැලයක් ගානේ සඳුන් ගස් දකින්නට නොලැබෙනවා වාගේ සත් පුරුෂයන් දුර්ලභයි. ඒ වගේ කෙනෙක් එතුමා.

එතුමා කොළඹ ආනන්දයෙන් අධ්‍යාපනය ලබලා, දේශපාලනයට අවතීර්ණ වෙලා, එකේ ගම්සභාපති බවට පත් වෙලා, නෑ ලෙසම ජනතා සේවය කරපු කෙනෙක්. එතුමා ජනතා ප්‍රසාදයට ලක් වෙමින් තමයි දේශපාලනය කළේ. තමන් ලෝකයට යමක් කළ යුතුය යන උදාර ආකල්පය එතුමාට තිබුණා. අනෙකාට සේවයක් කරන්න පුළුවන් මනුෂ්‍යයාට විතරයි. තිරිසන් සතුන්ට බෑනේ. තමන් සතු ධන සම්පත් අනුන් වෙනුවෙන් කතා කරන්නට පුළුවන් වෙන්නේ මානුෂීය ගුණ දහම් වලින් පිරුනු අයටයි. එනිසා අම්මසම්මී කොටුවේ රාලහාමි කළ සේවය දොම්පේ ජනතාවට නම් කවදාවත් අමතක වෙන එකක් නෑ.

පොල් දේශපාලකයන් දේශපාලකයන්ගේ මිය යන්නේ තමන්ගේ ප්‍රතිරූපය ඉදිරියට ගෙන යන්න දරුවෙක් මල්ලෙක් නොමැතිවයි. නමුත් රාල හාමි මගේ දේශපාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නට තරම් සමත් හොඳ දරුවන් දෙදෙනකු හදා තිබෙනවා. එයින් අපේ දුලිප් විජේසේකර මැතිතුමා අද මේ ප්‍රදේශයේ ඉන්න කවුරුත් ප්‍රිය කරන දේශපාලන චරිතයක්. තුමාත් නිතරම ඉන්නේ ඉන්නේ මගේ ආසනයේ පොදු ජනතාව අතරයි.

1999 මම පළාත් සභාවට පත් වෙලා අමාත්‍යාංශයට දහයක් පමණ බලා කියා ගත්තා. වැඩ බලන මහ ඇමති ධුරයක් දැරුවා. දොම්පේ සංවිධායක වෙලා 97% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කළා. මේවා සිදුවුණේ නිකම්ම නෙමෙයි. ඉබේම නෙවෙයි. මව පියාගෙන් ලැබූ ආභාෂයත්, පන්නරයත් සමගයි. ජනතාවට හිතවත්ව වැඩ කිරීම නිසයි. ඔහු ඉන්නේ ජනතාවගේ පැත්තේ. ජනතාව පීඩාවට පත් වන විට ඔහු තමන්ගේ තනතුරු තානාන්තර අමතක කොට ජනතාවගේ පැත්තේ හිට ගන්නවා.

ඩුලීප් මහතා සෘජුව කටයුතු කරන බවත් සල්ලිවලට නො නැමෙන බවත් අපට කියන්නට පුළුවන් කිරිදිවැල කසළ ප්‍රශ්නය දී වුණත් එතුමා හිට ගත්තේ ජනතාවගේ පැත්තේ. එදා බොහෝ දෙනෙක් රජයට විරුද්ධව කතා කළේ නෑ. එදා කසල ලොරි එනකොට එතුමා පාරේ දිගා වෙලා ඊට විරෝධය පෑවා. ඉතින් එහෙම අයයි ඉන්න ඕනෑ. මෙතන එකක් කියන, තව තැනක තව එකක් කියන අය තමයි අද ඉන්නේ. ප්‍රශ්නයක දී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් නොවී තමන්ගේ තාන්න මාන්න ගැන පමණක් සිතන දේශපාලකයන්ගෙන් රටටවත් ජාතියට වත් වැඩක් නෑ. බලය කියන්නේ ණයට ගත් ඇඳුමක් වගේ. රටට එරෙහි වුනොත් බලය නැති වුණදාට ගමේ ඇවිත් ඉන්න බෑ. ඩුලිප් විජේසේකර මහත්තයා මේ කාරණාව ඉතා හොඳට තේරුම් ගත් කෙනෙක්.

ගෝඨාභය ජනාධිපති තුමා ගැනත් කිරිදිවැල ……. ස්වාමින්වහන්සේ බොහෝ පුසාදයෙන් කතා කළා.

ගෝඨාභය ජනාධිපතිතුමා නියම මාර්ගයේ යන බව අපට පේනවා. අරක්ෂක ලේකම් ධූරයේ වැඩ කරලායි එතුමා ජනාධිපති පදවියට පත් වුණේ. නිසා එ තුමා එක එක්කෙනාට නැමෙන්නේ නැතුව සෘජුව වැඩ කරනවා. බොහෝ දෙනෙකුට ඒම ශක්තියක් තිබුණේ නෑ. තමන්ගේ පස්සෙන් ආවා අයටත්, තමන්ට උදව් කළ අයටත් නැමෙන්න වෙන එක තමයි ලංකාවේ දේශපාලනයේ ස්වභාවය. එක ම තමයි අපේ රටට අද තිබෙන ප්‍රශ්නයත්.

අාරක්ෂක අංශවලිනුත්, සෞඛ්‍ය බලධාරීන්ගෙනුත් උපදෙස් අරගෙන නිවැරදි තීන්දු තීරණ සෘජුව ගත් නිසයි එතුමාට කොරෝනා වසන්ගතය මනමේ කරන්න පුළුවන් වුණේ. එතනදි එතුමාට විවිධ බාධක ආවා. කොරෝනාවලින් මරණයක් සිදු වුණොත් ඒවා ආගමානුකූලව කළ යුතුයි කියා අන්‍යාගම්වාදීන් බල කරන්නට පටන් ගත්තා. අනුන්ට නො නැමී සෘජුව එතුමා කටයුතු කළා. වැදගත් ම දේ තුමා තමන් සිංහල බෞද්ධයකු බව පැවසීමයි. වෙන අයගේ කාලවල සිංහලකම සහ බෞද්ධකම ගැන කතා කරන්නටත් බයෙන් හිටියේ. වෙන අයගේ කාලවල අසිංහලයන්ට, ඔවුන්ගේ මත කියන්නටත්, තර්ක කරන්නටත් පුළුවන් වුණත් සිංහලයාට ඒ තැන තිබුණේ නෑ. අද සහරාන්ගෙ සිද්ධියේදී ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු වුණේ නෑ. යට ගැහුවා. අද තමයි ඒවත් කෙරෙන්නේ. ඒ වාගේ සෘජු ප්‍රතිපත්ති නැත්නම් රටක් ගෙනියන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *