ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්න__ඇමති ප්‍රසන්න හූල් ට කියයි.

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා
නොකරන්න__ඇමති ප්‍රසන්න හූල් ට කියයි.

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්නැ‘යි කාර්මික
අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති
ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන්
හූල්ගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන්
මැතිවරණ කොමිසම ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගය දෙස ජනතාව
අවධාණයෙන් සිටින බවයි. හූල් වැනි කොටි රූකඩ වලට තවදුරටත්
නටන්න ඉඩ දිය නොහැකි යැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.
“ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” වැඩසටහනේ මිනුවන්ගොඩ
ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව සදහන්
කළේය. උඩුගම්පළ රෙජී රණතුංග ශ්‍රවණාගාරයේ දී රැස්වීම ඊයේ (07)
පැවැත්විණි.
මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ
ද කීවේය.
“ කොරෝනා වසංගතයත් එක්ක හැමදෙයක් ම වෙනස් වෙමින්
තියෙනවා. රට තුළ කොරෝනා සංස්කෘතියක් බිහිවෙමින් තියෙනවා.

මැතිවරණයටත් ඒක පොදුයි. වෙනදාට අපි මැතිවරණයක් ප්‍රකාශ
කරපුවාම ආසන බල මණ්ඩලයක් කැදවනවා. එතකොට අපේ
පාක්ෂිකයෝ දාහක් විතරක් එනවා. දැන් අපි රැස්වීමක උපරිම ගාණ
100 යි. මාස්ක් දාලා මීටරයේ දුර ආරක්ෂා කරගෙන තමයි රැස්වීම
කරන්න වෙලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ රට තුළ කොරෝනා
සංස්කෘතියක් හැදෙනවා කියලා. මැතිවරණයේ දී මේකේ අවාසිය
තියෙන්නේ අපිට. අපි රැස්වීමක් කළා නම් මහින්ද මහත්තයි,
ගෝඨාභය මහත්තයයි ගෙනල්ලා අපිට ගෝල්ෆේස් පිරෙන්න සෙනග
ගේන්න තිබුණා. අපිට එහෙම කරන්න බෑ. කොරෝනා නිසා.
වගකිවයුතු පක්ෂයක් හැටියට රට හා ජනතාව ආරක්ෂා කරගැනීම
තමයි අපේ අරමුණ.
මේ මහ මැතිවරණයේ ජයග්‍රහණය අපි අපේක්ෂා කරන්නේ කාරණා
02 ක් මතයි. එකක් තමයි මහින්ද රාජපක්ෂ අපේ නායකයා රටේ
අගමැති බවට පත් කිරීම. මහින්ද මහත්තයා 2015 කුමන්ත්‍රණයකින්
පරාද කළාට පස්සේ අපි මහින්ද නැවත නායකයා බවට පත් කිරිමේ
අරගලයක නිරතවෙලා ඉන්නවා. දැන් මහින්ද මහත්තයා අගමැති
වුණත් ඒ අගමැතිකම ජනතා ඡන්දයෙන් ලැබුණු අගමැතිධූරයක්
නෙමෙයි. ජනාධිපතිවරයා විසින් පත් කළ එකක්. අපි ජනතාවගේ
ඡන්දයෙන් මහින්ද අගමැති කිරීමේ සටනයි මේ කරන්නේ. පළාත්
පාලන මැතිවරණයෙන් තමයි මේ සටනේ පළමු වෙඩිමුරය තිබ්බේ.
එදා යුද්ධය දිනලා රටට අභයදානය දීලා රට එකම වැඩබිමක් කරපු
අපේ නායකයා මේ රටේ ජනතා ඡන්දයෙන් අගමැති කරන්න අපිට
ලැබෙන ස්වර්ණමය අවස්ථාව මෙයයි. ඒ වගේ ජනාධිපතිවරණයේ දී
ගෝඨාභය රාජපක්ෂ මහතාව අපි ජනාධිපති කළා 69 ලක්ෂයක්
ජනතාව මේ රටේ ඔහුට ඡන්දය දුන්නා.ජනතාව ලොකු
බලාපොරොත්තුවක් ඇතිවයි ගෝඨාභය මහතත්යාව ජනාධිපති කළේ.
ඒ සදහා ගෝඨාභය මහත්තයා වැඩ පටන් ගත්තත් පාර්ලිමේන්තුවේ
බහුතර බලය අපිට තිබුණේ නෑ. විපක්ෂයට තමයි බලය තිබුණේ.
ඔහුව දිගින් දිගමට කකුලෙන් ඇද්දා. නමුත් මේ මහ මැතිවරණයෙන්

ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩ කළ හැකි ආණ්ඩුවක් හදාගන්න
හැකියාව ලැබෙනවා. එවැනි ආණ්ඩුවක් හදාගත්තොත් විතරයි මේ
රටට අනාගතයක් තිබෙන්නේ. මේ නිසා මේ මැතිවරණයේ අපේ
ප්‍රධාන ඉලක්ක දෙකයි. එකක් මහින්ද අගමැති කිරීම, දෙවැන්න
ගෝඨාභය මහත්තායට වැඩ කළ හැකි ආණ්ඩුවක් හැදීමයි.
අපි මේ මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුවක්
හදන්න ජනතා සහාය ඉල්ලනවා. අපි ව්‍යවස්ථා සංශෝධනයකට
යනවා නම් අනිවාර්යෙන් ම අපිට තුනෙන් දෙකක් අවශ්‍යයි. සමගි
ජන බලවේගය, එජාප, දෙමළ සන්ධානය, ජවිපෙ, මුස්ලිම්
අන්තවාදීන්, ශ්‍රීලනිලයේ සමහරු එකතු වෙලා පාර්ලිමේන්තුවේ
තුනෙන් දෙකක් තියාගෙන කරපු සෙල්ලම් අපි දැක්කා. හාමුදුරුවරු
හිරේ දැම්මා. රණවිරුවෝ හිරේ දැම්මා. සමලිංගික පණත ගේන්න
හැදුවා. ව්‍යවස්ථා සංශෝධනයක් හරහා බෞද්ධ ආගමට තියෙන තැන
නැති කරන්න හැදුවා. පාස්කු ප්‍රහාරය සිදු වුණාම පාර්ලිමේන්තුවේ
කමිටුවක් දාලා වැරදිකරුවන්ට දඩුවම් දීම වෙනුවට ඔවුන් ආරක්ෂා
කරන්න කටයුතු කළා. මහ බැංකු හොරුන් ආරක්ෂා කළා. එය ලංකා
ගණුදෙණුව හරහා හොරකම් කළා. එහෙම ජරා දේශපාලනයක්
පහුගිය යහපාලන ආණ්ඩුව කළේ. නමට යහපාලන වුණාට රටට වින
කරපු ආණ්ඩුවක් ඒක. යහපාලනයට මුවා වෙලා රටට ඔවුන් කරපු
විනාශය නිවැරිදි කරන්න තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක්
අත්‍යවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරලා රටට හිතකර ව්‍යවස්ථාවක්
ගේන්න.
එදා පාර්ලිමේන්තුවට 19 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා
ස්වාධීන කොමිෂම් සභා පත් කරලා කළේ නංගි පෙන්නලා අක්කා
දුන්නා වගේ වැඩක් කළේ. මොකක්ද වුණේ. ස්වාධින කොමිෂම් සභා
ස්වාධීන ද? මැතිවරණ කොමිසමේ එක සාමාජිකයෙක් පොහොට්ටුවට
ඡන්දය දෙන්න එපා කියනවා. මේ හූල්ගේ ඉතිහාසය හොයන්න දෙමළ
සන්ධානයට සම්බන්ධ වෙලා කොටි හිතවාදීන්ට උදව් කරමින් කටයුතු

කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට උවමනාව තියෙන්නේ
රාජපක්ෂලාව පරාජය කරන්න. එතුමාට දේශපාලනය කරන්න ඕනේ
නම් කරුණාකරලා තනතුරෙන් එළියට බැහැලා දේශපාලනය කරන්න.
කොමිසමේ ආවරණය අරගෙන ඔය විදිහට කටයුතු කරන්න එපා.
රටේ ජනතාව තරහ ගැන්වුවොත් කොතනින් කෙළවර වෙයි ද දන්නේ
නෑ. ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මිනිස්සුන්ගේ ඉවසීමේ
සීමාව පරීක්ෂා කරන්න එපායැ‘යි මා හූල්ට කියනවා. මැතිවරණ
කොමිසම මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දෙස අප බලා
සිටිනවා. තවදුරටත් හූල් වැනි කොටි රූකඩ වලට නටන්න ඉඩදෙන්න
මේ රටේ ජනතාව සුදානම් නෑ.
හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ
සභාපති කුමාර අරංගල්ල, නගරාධිපති නීල් ජයසේකර යන
මහත්වරු ද මෙහි දී කථා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *