ඡන්දය ඉක්මන් කර ජනමතය දිනවීම දැන් කොමිසමේ වගකීමයි – අගමැති

ඡන්දය ඉක්මන් කර ජනමතය දිනවීම දැන් කොමිසමේ වගකීමයි – අගමැති

මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකරන ලද පෙත්සම් නිෂ්ප‍්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

දැන් ජනතා පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණය පැවැත්වීම පුළුවන් තරම් කල්දැමීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සමහරුන් කටයුතු කළත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

මැතිවරණ කොමිසම දැන් ඡුන්දය ඉක්මන් කර ජනමතය දිනවීමට ක‍්‍රියා කළ යුතු බව ද අගමැතිවරයා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *