චීන බෞද්ධ පිරිසක්‌ මෙරට බෙදාදීමට ගෙනා පිළිම වහන්සේලාට රු.ලකෂ 32 ක බද්දක්‌ – –


චීන බෞද්ධ පිරිසක්‌ මෙරට බෙදාදීමට ගෙනා පිළිම වහන්සේලාට රු.ලකෂ 32 ක බද්දක්‌ – –

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල්වල වැඩ සිටින මහා සංඝරත්නය දහස්‌ නමක්‌ උදෙසා වෙසක්‌ පොහොය යෙදුණු ඊයේ (29 දා) පූජා කිරීමට චීන බෞද්ධ පිරිසක්‌ මෙරටට ගෙන්වා තිබූ පිළිම වහන්සේලා වෙනුවෙන් රජය විසින් ලක්‌ෂ තිස්‌ දෙකක බදු මුදලක්‌ නියම කිරීම නිසා එම පිළිම බෙදා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ කර ඇත.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙහිදී අදහස්‌ දක්‌වමින්,

අද වෙසක්‌ පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක්‌ මහා සංඝරත්නයට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක්‌ කළා අපේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ හා ශ්‍රී ලංකාව පුරා විසිරිලා වැඩ වෙසෙන මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා, ඔවුන් එය ලබා දෙන්නට කැමති වුණා. ඉන්පසු මා එම පිළිම එවන්න කියා සිටියා. ඒවාගේම මෙරට තිබෙන පි§රිත් සූත්‍ර එරටට රැගෙන ගොස්‌ නව තාක්‌ෂණය ඔස්‌සේ පටිගත කර කැසට්‌ යන්ත්‍ර අද මේ වැඩ සිටින ස්‌වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා.

ඉතින් මේ ලිපි ලේඛන ඔක්‌කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්‌සේ චක්‍රලේඛයක්‌ කියලා එකක්‌ ඉදිරිපත් කළා, මේ චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස්‌ කරන්න බෑ කියලා. මේවාට ලක්‌ෂ තිස්‌ දෙකක්‌ ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කනගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක්‌ මේ ශ්‍රී ලංකාවෙ තියෙන්නෙ කියලා. ඒ අය මේ රටේ විතරක්‌ නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලයට මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්‌සේ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමි ,

අද මෙතන ශ්‍රී ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවල පිරිවෙන්වලින්, විද්‍යායතන වලින්, පන්සල් වලින් වැඩම කළ හාමුදුරුවන් සිටිනවා. උන් වහන්සේලා සියලු දෙනාමත්, මේ රැස්‌ව සිටින බෞද්ධ මහජනතාවත් අපි දැඩි සේ විරෝධය පළකර සිටිනවා, බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා නම් එය හෙළා දැකිය යුතු කාරණයක්‌, මොකද බුදු පිළිම ගෙන්නන්නේ, වෙළෙඳාමට නොවෙයි. බුදුන්ට වන්දනාමාන කිරීමටයි.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල ශාසන රතන හිමි

සියලුම බුදුපිළිම වහන්සේලා හා සියලු පූජා භාණ්‌ඩ මෙරට දුෂ්කර පළාත්වල ස්‌වාමීන් වහන්සේලාට පූජා කරන්නට ගෙන ආවා,

ඒ වගේම අහිංසක ශ්‍රාවකයන්ට වැඳපුදා ගැනීමට ඒවා නිදහස්‌ කර දෙන ලෙස මේ රටේ ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් කැබිනට්‌ මණ්‌ඩලයෙනුත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
දිවයින-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *