චීනය කොරෝනා මැඩලූ ‘සයිනොපාම්’ ශ‍්‍රී ලාංකිකයන්ට එන්නත් කිරීම ඇරඹේ..

චීනය කොරෝනා මැඩලූ ‘සයිනොපාම්’ ශ‍්‍රී ලාංකිකයන්ට එන්නත් කිරීම ඇරඹේ..

චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත ලබන සතියේ සිට මෙරට වැසියනට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

චීනය විසින් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දෙන ලදි.

කෙසේ වෙතත් එන්නත් කමිටුවේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් එය ලබා දීම ප්‍රමාද විය.

චීන එන්නත ලංකාවට ගෙන ඒම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විපක්ෂයේ `දැඩි විවේචනයට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන ජාතිකයන් ට පමණක් එන්නත ලබා දුන් අතර ඔවුන් කිසිවකුට හෝ අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වී නොමැත.

Covid 19 රෝගීන් වැඩිපුරම වාර්තා වන ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ තෝරා ගෙන ඒවායේ සාමාන්‍ය ජනතාවට එන්නත ලබා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *