ගෝඨාභය ජනාධිපති කිසිසේත්ම එම් සී සී ගිවිසුමට අත්සන් නොතබන බව ඉන්දික අනුරුද්ධ නෑදෑයින්ට පොරොන්දු වෙයි

ගෝඨාභය ජනාධිපති කිසිසේත්ම එම් සී සී ගිවිසුමට අත්සන් නොතබන බව ඉන්දික අනුරුද්ධ නෑදෑයින්ට පොරොන්දු වෙයි

ගෝඨාභය ජනාධිපති කිසිසේත්ම එම් සී සී ගිවිසුමට අත්සන් නොතබන බව පැහැදිලිවම මම ඉපදුණු මේ අකරගම මගේ නෑයන්ට මම කියනවා.– ඉන්දික අනුරුද්ධ

මේ දිවුලපිටිය අකරගම ප්‍රදේශයේ මැතිවරණ රැස්වීමකදී ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දැක්වූ අදහස්

අකරගම ගමට මගේ සබඳතා දෙකක් තිබෙනවා. මම දේශපාලනයට එන කොට මුලින්ම හමුවුණා. අවවාද අනුශාසනා ලබා දුන්නෙත්, මා ගැන හඳුන්වා දුන්නෙත්, අකරගම විහාරස්ථානයේ අපේ මහා සංඝරත්නය යි. ඒ විතරක් නෙමෙයි මම ඉපදුනෙත් අකරගම ගුාමීය රෝහලේ. අකරගම රෝහලෙන් මෙලොව එළිය දැකලා දේශපාලනයට සම්බන්ධ වුණ එකම පුද්ගලයා මා විය යුතුයි. ඒ නිසා මම අකරගමට ඇත්තෙන්ම ලෙන්ගතුයි. මම දේශපාලනයේ හිටියත් නැතත්, ඒ ලෙන්ගතුකම මැරෙනකල් හැමදාම තියෙනවා.

මේ දවස්වල කවුරු කවුරුත් නෑ කම් කියාගෙන ආවත්, ඔබේ පළමු නෑකම තිබෙන්නේ මා සමගයි කියන එක අමතක කරන්න එපා. නෑකම් කියාගෙන අහසින් එන අය අකරගම ගමේ කිසිවෙක් අඳුරනවා ද? නෑ. මට නම් මූණ දැක්කම කවුද කියලා කියන්න පුළුවන්.

එම් සී සී ගිවිසුමට විරුද්ධව අපි පාර්ලිමේන්තුවේත්, මාධ්‍ය තුළත් වාද කළා. විවාද කළා. උද්ඝෝෂණ කළා. අපි රනිල්ට ඇඟිල්ල දික් කරලා කිව්වා ඇමරිකානු ගිවිසුම ක්‍රියාත්මක කරන්න එපා කියලා. නමුත් ඇහෙන පාටක් තිබුණේ නෑ. ඔය අහසින් එන අය එදා රනිල්ගේ ඔඩොක්කුවේ හිටපු අය. එහෙත් අද ඒ අය එන්නේ එහෙම හිටියේ නෑ වගේ.

එම් සී සී ගිවිසුම ගැන ඉඳුරාගාරේ ධම්මරතන ලොකු හාමුදුරුවෝ අපට පැහැදිලි කළා. ඒකෙ පල විපාක පෙන්වලා දුන්නා. අපිත් අධ්‍යනය කළා. ඊට පස්සෙ අපි ඒකට විරුද්ධ වුණා. ගමේ ඉන්න ඔබ ඔබ සමහර විට මේ ගිවිසුම ගැන දන්නෙ නැතුව ඇති. ඒ තක්කඩි ගිවිසුම හරහා අමෙරිකානුවන් මේ රටට ගෙනෙන්නෙ අපමණ විනාසයක් පමණයි.

1977 ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විවෘත ආර්ථිකය ගෙනත් කරපු විනාශය ප්‍රතිඵලයක් තමයි මේ කුඩු වසංගතයත්. අනිත් විනාශය තමයි එම් සී සී ගිවිසුම හරහා එන්නේ.

ඒක තවම නීත්‍යානුකූල නොවුනාට එ්ක හරහා ඩොලර් බිලියන 4.7 කුත්, ඊළඟ වතාවේ දුන් ඩොලර් බිලියන 2.6 කුත් ලබා ගෙන තියෙන බව කියැවෙනවා. එහෙත් මේ සල්ලි දාපු ගිණුමක් නෑ. කවුරු මොනවට ගත්තාද කියලා දන්නෙත් නැහැ. එම් සී සී ගිවිසුම පාවිච්චි කරලා තියෙන්නේ තමතතමන්ගේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා වෙනුවෙනුයි. එදා මේ ගිවිසුමට විරුද්ධ වෙන ගමන් අපි කිව්වා, මේ ගිවිසුම නම් කිසිසේත් ක්‍රියාත්මක කරන්නට දෙන්නෙ නෑ කියලා. ඒ වුණත් පාර්ලිමේන්තුවට නොගෙන හොර පාරෙන්ම ඔවුන්ගේ උවමනාවන් වෙනුවෙන් ඕනෑම කුපාඩි වැඩක් කරන්නට පසුගිය රජය පැකිළුණේ නෑ.

ඒ ආණ්ඩුවේ ලැගපු අය තමයි දැන් පොහොට්ටුවටත් එන්නෙ. හරියට මලෙන් බැහැලා වගේ එන්නෙ. ඇයි ඔබ ඔවුන් එළවා දමන්නට පොල් පිත්තක් නොගන්නේ?

පළාත් සභාව අදටත් නෑ. එ් නිසා ම අකරගම රෝහල හදාගන්න විදියක් නෑ. අපට වෛද්‍යවරයෙක් ගෙන්න ගන්න විදිහක් නෑ. අඩුපාඩු කියන්න මන්ත්‍රීවරයෙක් නෑ. 2017 පළාත් සභා පනත ගෙනා වෙලාවෙ ඒක පරාජය කරන්නට අත උස්සපු නැති අය අද එනවා ඔබේ ඡන්දය ඉල්ල ගෙන. රැවටෙන්න එපා ඔය වෙස් මූණු කාරයන්ට.

පඹයෙක්න නොවන, හොද කශේරුකාවක් තියෙන අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා කිසිසේත්ම එම් සී සී ගිවිසුමට අත්සන් නොතබන බව පැහැදිලිවම මම ඉපදුණු මේ අකරගම මගේ නෑයන්ට මම කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *