ගෝඨාභයගේ ආරක්ෂාව වැඩිකල යුතුයි

ගෝඨාභයගේ ආරක්ෂාව වැඩිකල යුතුයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන තෙක් ආරක්ෂක අංශ පරික්ෂණ ආරම්භ කර ඇති බවක් පෙනෙන්නට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වහාම ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා සත්‍ය තත්ත්වය රටට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *