“ගොනාකෝවිලේ රාජා” වෙඩි කෑ බල්ලපාන නිවස // වීඩියෝ සහිතයි

කෝවිලේ රාජා සැගවුණු බල්ලපාන නිවස පාතාලයේ නවාතැ

පසුගිය 29 දින රත්මලාන සොයිසාපුර ආපන ශාලාවක වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන්ගේ ප්‍රධාන සැකකරු අද දින අළුයම මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ පාළු වත්තක නිවසක රැදී සිටින අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඇතිවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂය පත්ව ඇත

මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි රාජා විමලධර්ම නොහොත් කෝවිලේ රාජා හෙවත් සම්පත් තෙන්නකෝන් නමින් අන්වර්ථ නාමයන් සහිත 50 හැවිරිදි පුද්ගලයෙකි

වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා ඇතුලු කල්ලියක් පොලිස් නිළධාරීන් සිටින අවස්ථාවේ ඉකුත් 29 වැනිදා රත්මලානේ හෝටලයකින් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා එය ලබා නොදීම නිසා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලා යන ලදී අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල පොලීසිය එහි සැකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වන අතර මෙහි ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් දිවුලපිටිය බල්ලපාන පරදේශයේ සැගව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද අලූයම බල්ලපාන මරදගහමුල මාර්ගයේ සිට මීටර් 200 ගිය තැන ඇති පාළු නිවසක සිටියෙදී වැටලීම කරන අතරතුර පොලීසිය සමග වෙඩි හුවමාරුවක් සිදුකර ඇත අනතුරුව පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් අදාල සැකකරු බරපතල තුවාල සහිතව දිවුලපිටිය රෝහලට ඇතුළු කරනවිටත් මියගොස් සිටින ලදී

මේදී තැබීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද පෙරවරුවේ සිදුකිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති මිනුවන්ගොඩ පොලීසිය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *