ගීතා යයිද? පියසේන ගමගේ එයිද? තීන්දුව හෙට

 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට  තීන්දුව අහියෝගයට ලක්කරමින් ගීතා කුමාරසිංහ ඉදිරිපත් කර තිබෙන අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව හෙට (02) ප්‍රකාශ කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි අතර එය පදනම් කර ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිසක් විසින් ගීතා කුමාරසිංහට එරෙහි පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පසුගිය මහා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 06ක් තේරී පත්වූ අතර ගීතා කුමාරසිංහ පස්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මේ අතර පසුගිය මහා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පරාජිත මන්ත්‍රීන් අතර ඉදිරියෙන්ම සිටින මන්ත්‍රීවරයා වන්නේ පියසේන ගමගේයි. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් එම පුරප්පාඩුව සඳහා පත්වන්නේ පියසේන ගමගේ මහතායි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *