ගීතා මන්ත්‍රි ධුරයෙන් ඉවත්කරයි.

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව අද(02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර තිබෙනවා.

 

ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබෙන බවට සාක්‍ෂි සහිතව ඔප්පු වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළා.

අදාළ නඩුව විභාග කරනු ලැබුවේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්

ඒ අනුව මන්ත්‍රී  යටතේ හිමිව තිබු වාහන සහ වරප්‍රසාද ගීතා කුමාරසිංහ මහත්මියට අහිමිවනු ඇති.

මේ අතර ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා මීළඟට සුදුසුකම් ලබා සිටින්නේ   ගාල්ල දිස්ත්‍රික්කයේ පරාජිත ලේඛනයේ ඉහලින් සිටින පියසේන ගමගේ මහතායි.  පක්ෂයේ තීරණය ලැබීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පියසේන ගමගේ මහතා පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *