“ගුරු මාරුව” ඔබ කිසිවෙකු කෙරේ අහිතකින් නෙවෙ

 තව මාස දෙකකින් වසර 10 ට වැඩි සේවයක් සහිත ලංකාවේ සියළු විදුහල්පතිවරුන්නුත් මාරු කරනවා. එය මෙම අධ්‍යාපන පද්ධතියේ ශක්තිමත් භාවය වෙනුවෙන්ම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ ගුරු මාරුවීම් වලදී මගේ හිතවත් ගුරුවරියක් කිව්වා ඇමතිගේ ගුරුමාරු කරන්න බැරි ද කියලා. මේ පද්දතිය ශක්තිමක් කරන්න ශක්තිමත් කරන්න නම් මේ කටයුත්ත කර යුතුයි. රාජ්‍ය සේවයත් අවුරුදු පහෙන් පහට මාරු කර යුතුයි. මේකට අත ගහන්න බයයි. අමාත්‍යවරයා විදියට මම ඒ අභියෝගය භාර ගෙන මම ඒ කටයුත්ත කරනවා. ඉදිරියේ දී වසර 05 කින් ගුරු මාරුව කරනවා. තව මාස දෙකකින් වසර 10 ට වැඩි විදුහල්පතිවරුන්නුත් මාරු කරනවා. අපි හොදට හිතලා බලලා හරිම තීරණය තමයි ගන්නේ. ඒ තීරණය හොද තීරණයක් හරි තීරණයක් කියලා හිතන්න කාලයක් යයි. වෛද්‍යවරයෙක් වැරද්දක් කරොත් එක්කෝ ලෙඩා මැරෙනවා. නමුත් අධ්‍යාපනයේ වරදක් කලොත් පරම්පරා ගානකින් එහි ප්‍රතිළුල එන්නේ. ඒ නිසා අපි තීරණ ගන්නේ හොදින් හිතලා බලලා. එවැනි තීරණ ඉදිරියේ දී ත් අපි ක්‍රියාත්මක කරනවා.

අපි අධ්‍යාපනයේ වෙනස්කම් කරමින් තියනවා මේ වන විට. අපි පසුගිය දවසක පිංලන්තයට ගියා අගමැතිවරයා සමඟ. ලෝකයේ තරඟකාරී විභාග වලින් වැඩිම ගාණනක් සමත් වන්නේ පින්ලන්තයේ සිසුන්. නමුත් පින්ලන්තයේ දරුවන් ඉගෙන ගන්නේ සතියට පැය 18 ක් 20 ක්. ඒ රටේ හෝම් වර්ක් නෑ. තියනවා නම් විනාඩි 15-20 යි. හෝම්වර්ක්  දුන්නොත් ගුරුවරුන්ට විරුද්ධව අධ්‍යාපන බලධාරීන් විනය ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ප්‍රායෝගිකත්වයට ජීවත්වීමේ කළාවට මුලිකත්වය දෙනවා. ඒවා උගන්වනවා. ඒ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කරනවා.

මට මතකයි මීට වසර දෙකහමාරකට පමණ පෙර මම අධ්‍යාපන අමාත්‍යංශය භාර ගන්නා අවස්ථාවේ දී ලංකාවේ සමහර පාසල් උදේ 7.30 ආරම්භ වෙලා 3.30 වෙනකන් තියනවා. ඊට පස්සේ ඒක ඉවර වෙලා ආයිත් පංති දාලා. මේක සාමාන්‍ය මනසකට දරන්න පුළුවන් ද කියලා බලන්න ඕන. අපේ රටේ තියෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය පියවරෙන් පියවර අඩුකරන්න අවශ්‍යයි. මම ජාතික අධ්‍යාපනය ආයතනයට කිව්වා විශේසඥයින් කීපදෙනකු සමඟ සාකච්ඡා කර මේ විෂය මාලාවේ ඇති වැඩි බව සම්බන්ධයෙන්. අපේ සමහර අය විශ්ව විද්‍යාල වල උගන්වන ඒවත් උසස් පෙළ දී උගන්වනවා ලු .  අධ්‍යාපනය කියන්නේ කෘතීම යාන්ත්‍රීකරණය වු පිරිසක් නිර්මාණය කිරීම නෙවෙයි. අද ශිෂ්‍යත්වයේ ඉදලම තරගක්. පුංචි දරුවට පැය හයක් හතක් නිදාගන්න දෙන්නේ නෑ. බලෙන් නැගිට්ටවලා මුණ සොදවලා බලෙන්ම අන්දලා පංති යවනවා. වැනි වැනී යන්නේ. දැන් ශිෂ්‍යත්ව පංති කියලා උප සංස්කෘතියක් බිහි වෙලා තියනවා. මේ ගැනත් අපි අවධානය යොමු කර යුතුයි.  අධ්‍යාපනයේ වගකීම හොද හදවතක් ඇති දරුවෙකු බිහිකිරීමයි. අනාගතයට යාම සදහා ඇති පාස් පෝට් එකක් තමයි අධ්‍යාපනය. මේ පාස් පෝට් එකේ වීසා ටික අපි හරියට ගහලා දිය යුතුයි.

සියළු දරුවන්ට සහ ගරුවරුන්ට හොදම වර්ගයේ අයි පෑඩ් එකක් දෙනවා

අපේ රටේ දියුණු කර යුතු ප්‍රධානම සම්පත් මානව සම්පත. මානව සම්පත් දියුණු කිරීමෙන් අපිට සීමා මායිම් වලින් එහාට ගිහිල්ලා අපිට ලෝකය සමඟ තරඟකරලා අපේ ජීවිත සාර්ථක කර ගන්න පුළුවන්. ඒ සදහා අපි අධ්‍යාපනයේ විප්ලවක් කර යුතුයි. අපි ඒ විප්ලවය මේ වන විට ආරම්භ කරලා තියනවා. එක පැත්තකින් එන ජනවාරි වලදී උසස් පෙලට යන සියළු දරුවන්ට සහ ගරුවරුන්ට හොදම වර්ගයේ අයි පෑඩ් එකක් දෙනවා. අපි අනාගත ලෝකයට යන්න ආරම්භය තමයි මේ

ගන්නේ. ඒකේ විෂයට අදාල පොත පත මේකට ඇතුලත් කරලා තියනවා. මේකෙන් ඉදිරියට ඊ-ලර්නින් වලට යන්නයි අපේ බලාපොරොත්තුව. ලෝකය අද දියුණු වෙලා. ඒ ලෝකය අපි යා යුතුයි. අපි එන සති දෙකක් ඇතුලත මිලියන 700 ක පොත් දෙනවා පසල් වලට. එහි දී පොත් 200ක් කියවපු කෙනාට රන් පදක්කමක් දෙනවා.

තව අවුරුදු 15 -20 ක් යන විට සියළු ක්‍රම වෙනස් වෙනවා. ඉදිරියේ දී පුස්තකාල ශාලා නැති වෙන්නත් පුළුවන්. ඊ – ලර්නින් දියුණු වීමත් සමඟ පාසල් ගොඩනැගිලි පවා ඉදිරියේ දී නැති වේවි. අද රියදුරු නැති වාහන බිහිවෙලා ඉවරයි. මොන තාක්ෂණය දියුණු වුනත් හොද හදවතක් ඇති මිනිසුන් බවට පත් විය යුතුයි. එහෙම දරුවන් බිහිකරන්න බැරි නම් රටවල් පාසල් ලස්සන වෙන්නේ නෑ. මේ දරුවන් තම ඉලක්කය දැන ගෙන ඉදිරියට යන්න. ගුරුවෘත්තිය කියන්නේ හොදම වෘත්තිය. අනිකුත් සියළු වෘත්තීන් බිහිකරන්නේ ගුරුවරුන්.

2019 වෙද්දී සාමාන්‍ය පෙලින් අසමත් වෙලා ගෙදර ඉන්නේ නෑ. අපි නව විෂයන් 26 ක් හදුන්වා දී තියනවා. එයින් එක් විෂයක් තෝරාගෙන ඉදිරියට යන්න පුළුවන්.

මෙහි දී අදහස් දැක් වු ස්දේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,

ජාතියට සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මහතා බිහිකරේ මේ රිච්මන්ඩ් විද්‍යාලයයි. ගාල්ලේ පලමු මහජන නියෝජිතයා වුනේ  සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මහතා.  මේ විද්‍යාලය ගාල්ල නගරයට කීර්තියක් ගෙන දෙන විද්‍යාලයක්. මම මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය යෙක්. හොද බෞද්ධ පන්නරයකින් ආපු මම ගාල්ලේ හැම පාසලකටම සංවර්ධන ගේනවා. අද අද්‍යාපනයේ විශාල වෙනසක් සිදුවෙලා තියනවා. අළුත් සංකල්ප ඇවිත් තියනවා. ඒ තුලින් අපි ඉදිරියට යා යුතුයි. ගාල්ල

නගරයේ අපි වෙනස්කම් සිදු කර යුතුයි. ගාල්ල නගරය ලෝක උරුමයක්. ඒ නගරය විනාස කරලා තියනවා පසුගිය කාලවල. ලෝක උරුමය වු ගාල්ල නගරය මැද ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් හදලා. ඒවා අපිට කඩලා බවත් කරන්න වෙයි. ගාල්ල නගරයේ එහෙම කරපු බලපුළුවන්කාරකම් 2020වන විට අපි වෙනස් කරනවා. ගාල්ල නගරයේ දී ඉදිරියේ දී ග්‍රාම සේවා වසම් පනහ. එකසිය පනහ කරන්න අපේ සුදානමක් තියනවා.

මෙම අවස්ථාව සදහා රිච්මන්ඩ් විද්‍යාලයීය විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, ගුරුවරුන් ඇතුළු සිසුදරුවන් විශාල ප්‍රමාණයක් මේ සදහා සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *