ගාල්ල නාගොඩින් නිදහන් හාරමින් සිටි 06ක් අල්ලයි

මීට කලකට ඉහතදීද නිදන් හාරමින් සිටි පිරිසක්

නාගොඩ ගෝනලගොඩ ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනකු ගාල්ල, නාගොඩ පොලිසිය විසින් (06) දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් ගෝනලගොඩ, තල්ගම්පොළ  සහ මහමෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.ගෝනලගොඩ  ප්‍රදේශයේ වළක් හාරා එතුළ ඇතැයි කියන නිධානයක් ගන්නට යැයි කියමින් මොවුන් පුද පුජා පවත්වා ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර කඩු, පන්දම්, කුළුගෙඩි, පුජා භාණ්ඩ, කපු මහතාගේ ඇඳුම් සහ බොරු කොණ්ඩා, දුම්මල, දෙහි ගෙඩි ද වෙයි. මෙම ප්‍රදේශයේ මීට කලකට ඉහතදීද නිදන් හාරමින් සිටි පිරිසක් නාගොඩ පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබුණි.

නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස්, උප  පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි, පොලිස් කොස්තාපල් 59076 ක්රිසශාන්ත, පොලිස් කොස්තාපල් 59069 සමන් යන මහත්වරු පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *