ගාල්ලේ මැති ඇමතිවරු තුන්දෙනෙක් කියන අමුතු කතා 03ක් මෙන්න.

ගාල්ලේ මැති ඇමතිවරු තුන්දෙනෙක් කියන අමුතු කතා 03ක් මෙන්න.

කවුරු මොනවා කීවත් රට හැදුවේ යහපාලන ආණ්ඩුයි 2020 දිත් ජනපති වශයෙන් දෙවන වතාවටත් ජය ගන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාදිපිතු මා යැයි නියෝජ්‍ය අමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේ දී අද 14 පැවැති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙසේ ද කිය.

නිශාත්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමති තියන්නේ එනකොට වැරදිකළ හොරුන්ට නිසා දඩුවම් දෙනවා නිදොස්කර නිදහස් කරන්නේ නෑ ඒ අයට දඩුවම් දෙනවා.2020 වන තුරු ආණ්ඩුව තියනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂයට එහමෙ කරන්න බෑ. ඒකාබද්ධ විපක්ෂයට බහුතරයක් නෑ. විස්වාස බංගයක් ද ගෙන ආවා. පාරාවලල්ලක් උනා එය ඒකාබද්ධයට.භාරකාර ආණ්ඩුක් ගැන කතා කරනවා. එහෙම කරන්න බෑ. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟයි අපි ඉන්නේ. අපි දවල් වැටුනු වලේ රෑ වැටෙන්නේ නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පක්ෂය තුනට කැඩිලා. මේ නිසා එය එක් කරනේනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යි.ඒකාබද්ධ විපක්ෂය කියන්නේ අමුතුම එකක්. විමල්ට පාර්ලිමේන්තුව තහනම් කරද්දි විමල් තනි උනා බැසිල් එනතොට විමල් කොන් වෙනවා. අපේ ජනාධිපතිවරයා තමයි මෛත්‍රිපාල සිරිසේන මහතායි.දෙවැනි වරටත් ජනාධිපති වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමායි.අපි කාටවක් මුකුුගහන්නේ නැතිවු මුක්කු නැතව ජනපති වෙනවා. විශාල පිරිසක් පක්ෂ ගණනාවක් එක්ව සහයෝගයෙන් එතුමා ජනාධිපති වෙනවා.සියලුම අංශ ක්‍රියාත්මකයි සංවර්ධනය වේගවත් ආකාරයෙන් සිදුවෙනවා. අප පක්ෂය සමගින් මම යනවා. මම පක්ෂයේ කඳ බදාගෙන ඉන්නවා. අපි වෙනත් පැතිවලට යන්නේ නෑ.ජනාධිපතිතුමා ගන්න තින්දුව සමගන් අපි තිරණයක් ගන්නවා. කකුල් දෙකම පක්ෂයේ තියාගෙන ඉන්නවා. දෙපැත්තක තියාගෙන ඉන්නේ නෑ.එක් පැත්තකයි තියෙන්නේ.

අයවැය සහන දෙනවා සහන මල්ලක් ගෙන එනවා. අවසන් කාර්තුවේ අයවැය ජනතා සේත සලසනවා. සහනධායි අය වැයක් මෙදා ජනතාවට දෙනවා.සහන කාලයක් තියෙන්නේ. 2015 වට පෙර බඩු මිල වැඩියි. එතුරම් අද මේ දක්වා බඩු මිල අඩුවෙලා එදාට වඩා මිල ගණන් දැන් ද අඩුයි. සාර්ථක අය වැයක් වෙනවා.විශේෂ අධිකරණයටතේ වැරදිකළ අයට උත්තර දෙනවා. යැයි ඒ මහතා කීය.

බැංකු හා රටේ අදිවේගි මාර්ග ද විකණන්නට යහපාලන ආන්ඩුව කටයුත සිදුකරනවා.

රටේ ජනතාවගේ දේශපලානයේ දි නව නැම්මක් ඇතිව කළමණාකරණය කර අරාජික වු රට ඉදිරියට ගෙන යා හැක්කේ හැකියාව ඇති දක්ෂතාවය ඇති නිපුනත්වය ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් බව, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි දොස්තර රමේෂ් පතිරණ මහතා පවසයි.

ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි දොස්තර රමේෂ් පතිරණ මහතා මෙසේ ද කීය.

ජනතාවට ජිවත් වෙන්ට නොහැකි ආකාරයෙන් ජිවන වියදම වැඩිවන බවයි. මාස් පතා ජනතාවට සහනයක් දෙනවා වෙනුවට ජිවන වියදම වැඩිවන ආකාරයෙන් බඩුමිල දැවැන්ත ආකාරයට වැඩිවනවා.සමාජ,දේශපාලන, සංස්කෘතින,කෘෂි,ධීවර ආදි සියලුම අංශ කර්මාන්ත අංශය ආදිය ද කඩා වැටී තියනවා.ගම්මිරිස් ගොවියා ඉවරයි ලක්ෂ ගණනාවක් ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටිනවා. මේ ආර්ථික අවපාතවෙන් බේරෙන්නට මේ ආණ්ඩුව සිදි කරන්නේ රාජ්‍ය දේපල විකුනා දැමිමයි.ඉදිරියේ දි බැංකු කොටස් විකිණීමත් හිල්ටන් ආදි හොටල් ව්‍යාපාරත් විකුන්නටත් කටයුතු සිදුකන බවට දැන ගන්නට ලැබී තියනවා.අධිවේගි මාර්ග ද විකුනා දමන්නට ද මේ ආණ්ඩුව කටයුතු සිදුකරමින් ඉන්නවා.

ආර්ථිකය අවපාතයෙන් ගොඩ එන්නට නම් රජය යන මාර්ගය නිවැරදි කර ගන්නට නම් ආණ්ඩුව වෙනස් කරන්නට පියවර ගත යුතුයි.ආන්ඩුව දන් හෙළ වෙන දතක් වාගේ එයට හිරිවැටෙන්නට ජනතාව ජනබලය මගින් පෙන්නුම් කළා.අපි තවම මේ දැත ගලවාලා කෘතිම දතක් සවිකරනවාද කියලා ඒකාබද්ධ විපක්ෂය තවම තින්දුකරගෙන නෑ. ජනාධිපතිවරයා විපරීතව සටිනවා කිළ යුත්තේ කුමක්ද කියලා හිතමින්. සිදුවන්නේ කුමක්ද කියලා සිතමින්

මේ රට ගොඩ නගංන්ට හැකියාව ඇතිතේ මහින්ද යළි මේ රටේ නායකයා වුවොත් පමණයි.දෙසි විදෙස් බල වේග හා අසල්වැසි රටවල්ද මේ සමබ්ධයෙන් කැමැතිත බල කර තියනවා. රටඉ ගොඩ නැගන්නට ආර්තිකය ශක්තිමත් කරන්ට වැරදි ව්‍යවස්ථාව අකුලා දමන්නට ද ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආ විගස හැකියාවක් ලැබෙනවා.රටේ මහජනතාව බලා සිටින්නේ මේ තත්ත්වයයි.නව ආණ්ඩුවක් සකස් කළ යුතුයි අරාජික ආණ්ඩුව පෙරලා දැමිය යුතුව තියනවා.

රටේ ආර්ථික දේශපාලන කළමානාකරණය කර ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි. මුදල් අමාත්‍යංශය, හා අගමැති කම ලැබුණු හොත් එය නියමාකාරයෙන් සැලසුම් කරගන්ට හැකියි.ජනාධිපති තුමාද කියනවා තමාට මේ සම්බන්ධයෙන් බලයක් නෑ කියලා මේ අනුව අපට හැකිය ආර්ථිකය ගොඩ දමන්නට ස්ථාවර තත්ත්වයකට ගෙන එන්නට කටයුතු කරන්ට හැකි බව එදාත් අපි පෙන්වා තියනවා ගම නගරය සංවර්ධනය කරන්නට හැකි බව මේ මහින්ද හිටපු ජනාධිපතිතුමා කටයුතු සිදුකර තියනවා ඔප්පු කැර තියනවා.

මේ ආණ්ඩුව දේශිය කර්මාන්ත වට්ටනවා.විදෙස් ආර්ථිකය බල වේගයක් එන්නේ නෑ ආර්ථික කඩා වැටීලා. ජිවන බර දිනපතා වැඩි වෙනවා සහනවයක් නැ.කඩා වැටීම සිදුව තියනවා.මිල සුත්‍ර හංගාගෙන කටයුතු කරනවා. කව්රුවත් නොදන්නා මිල සුත්‍රයක් හරහා මිල වැඩි කරනවා. සහන ලබාදෙන්න කියලා අපි කයනවා ආණ්ඩුවට යැයි ඒ මහතා කීය.

මේ රට මේ රටේ මැති ඇමතිවරු අන්දුන් කුන්දුන් වී අන්දුන් කුන්දුන් කතා කියනවා යැයි හිටපු ඇමති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ගාල්ලේ දී පැවිති මාධ්‍ය හමුවක දී හිටපු ඇමති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙසේ ද කීය.

භාරකාර ආන්ඩු කියලා ආන්ඩුක් ව්‍යවස්ථාවේ නැත මොන ආකාරයෙන් හරි ආන්ඩුවක් හදන්න තමයි ජනතාව බලාපොරෙත්තු වන්නේ. අපි චන්දයෙන් පත්වු මහජන නියෝජතියක් වශයෙන් කියන්නේ ජනතාව කියන්නේ ජනතාවට අලුත් ආන්ඩුක් උවමනා කියලා එයයි ජනතාව කියන්නේ හිතන්නේ ඒ තත්ත්වයට අද තිබෙන ආණ්ඩුව ඇඳ වැටී තියනවා.මේ නිසා අලුත් ආන්ඩුක් හදන්න කියලා ජනතාව කියනවා. ඊට එරෙහිව කටයුත කරන්ට කිසිදු ජනතා නියෝජිතයන්ට අයිතියක් ඇත්තේ නෑ.මතවාද සංවාද අවශ්‍ය නෑ රට විනශයට කන්දන් ආවේ මේ ආන්ඩුවයි. රටම අන්දුන් කුන්දුන් වී තියනවා රට අරාජිකව තියනවා.අද සියලුම දේශපාලඥයෝ කතා කරන්නේ අන්දුන් කුන්දුන් කතාන්දරයි. සියලුම දේශපාලඥයින් දන් කතා කරන්නේ.දැන් එළ ඹ ඇත්තේ ජනතාවට විස්වාසයක් ඇතිව කටයුත කිරිමයි.රජයක් ඇතිකල යුත්තේ අලුත් එකක් ඇත් කළ යුත්තේ අන්න ඒ ජනතාව කියනා බලාපොරොත්තු වන කාරණාව සමඟයි සියලුම ජනතා නියෝජිතියන් සිටිය යුත්තේ.මේ නව ගමනට කොන්දෙසි දමන්නට කිසිම අයකුට පාර්ශවයකට අයිතියක් ඇත්තේ නෑ.සියලුම දෙනාගේ ම යුතු කම වන්නේ ජනතාව බලාපොරොත්තුවන යුගය උදා කිරිමයි අරමුණ කරා යන්නයි.

එජාප මැති ඇමතිවරුන්ද කියන්නේ ඒ අයගේ හදවත ද කියන්නේ මේ ආන්ඩුව ගෙදර යන්න උවමනා ය කියලා වෙන දෙයක් නෑ හදවතින්ම ඒ අයගේ කැ ගහලා කියන්නේ එයයි.නමුත් කතා නෑ පක්ෂය නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා මේ අය මාධ්‍ය ඉදිරියේ කතා කරන්නේ නෑ.කතා නොකර ආණුඩුව ආදරෙයි වාගේ ඉන්නවා.එහමෙ උනේ නැතිනම් පක්ෂයේ මේ අයට පැවැත්මක් නෑ ඒ හේතව නොවන්නට අලුත් ආණ්ඩුක් හදන එක මේ ආණ්ඩුව ගෙදර යවන එකට නම් මේ අය කැමැතියි. අපි මිල් සුත1යක් පිළිබඳව යෝජනාව මම ඇමති කාලයේ යෝජනා කලේ ජනතාවට සහන දෙන්න හැ තෙල් සංස්ථාව තුළ ඇති අදික ණය ගෙවන්නට පිළියම් යෙදීම සඳහායි.නමුත් මේ හදුන්වා දී ඇති සුත්‍රය නිසා ජනතාවට සහනයක් නෑ.ඇමති මංගල දන්නේ නෑ මිල් සුත්‍රය ඇමති අර්ජුන දන්නේ නෑ. සුත්‍රයක් පිළිබඳව මේ අය චක්කරය ද දන්නේ නෑ මේ වාගේ අය සමඟද මේ ආණ්ඩුව ගෙනියන්න හැදන්නේ. ජනතාව රවටනවා. බොරු කිරනවා මේකට ජනතාව රැවටෙන්නේ නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.කළ යුත්තේ තෙල්මිල වැඩිවන විට ජනතාවට සහන දෙන්වා වෙනුවට සුත්‍රයක් පිළිබදව කිය කියා ජනතාව රවටනවා. ඇමති දන්නේ නැති අගමැති හෝ ජනාධිපති දන්නේ නැති තෙල්මිල සුත්‍රයක් පිළිබඳව ජනතාවට කියන්න හදනවා. මෙය හකුලා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.ශ්‍රී ලංකන් ආයතනයේ ඉන්නේ රනිල්ගේ සුරතල්ලයි. මේහි ණය ගෙවන්ත තියනවා කවුරුවත් කැමැති නෑ මෙය ගන්නට මේයයි වෙලා තියෙන්නේ.මේ සියලුම ඩර දුෂණය අකායමක්ෂතාවය සියල්ලම පැටවී තියෙන්නේ මේ රටේ ජනතාවගේ කරමත කියා අකැමත්තෙන් වුනත් ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි කියන්න වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *