ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නෑ – ජනපති පැවසුවැයි රතන හිමියෝ කියති

ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නෑ – ජනපති පැවසුවැයි රතන හිමියෝ කියති

ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කර නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට දන්වා සිටි බව අතුරලියේ රතන හිමියෝ ඊයේ (03 වැනිදා) සඳහන් කළේය.

එම වල් නාශකයේ තහනම ඉවත් කර ඇතැයි සඳහන් වන තොරතුරු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කළ විමසීමේදී ඒ බව කියා සිටි බවත් එය ජනාධිපති ලේකම්වරයාද තහවුරු කළ බවත් රතන හිමියෝ කීහ.

ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කළේ යෑයි කියන ප්‍රවෘත්ති පිටුපස විශාල කුමන්ත්‍රණයක්‌ ඇති බවත් මෙම තහනම ඉවත් කර ගැනීමට බලවතුන් ඇතුළු කිහිප දෙනකුට ලොකු අවශ්‍යතාවක්‌ ඇති බවත් පැවසූ රතන හිමියෝ මේ පිටුපස ඇත්තේ බහුජාතික සමාගම්වල මුදල් බවත් කීහ.

උන්වහන්සේ එම අදහස්‌ පළ කළේ ඊයේ (03 වැනිදා) රාජගිරිය සදහම් සෙවණේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කරන බවට ප්‍රකාශ නිකුත් කිරීමට හෝ තීන්දුවක්‌ ගැනීමට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාට කිසිදු අයිතියක්‌ නැති බවද රතන හිමියෝ මෙහිදී පැවසූහ.

ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කිරීමට පළමුවර කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළේ නවීන් දිසානායක ඇමැතිතුමා. ඒ ගැන සොයා බලන්න කමිටුවක්‌ පත් කළා. ඒකෙන් වැඩක්‌ වුණේ නැහැ. දෙවනුව යළිත් නවීන් හා දුමින්ද යන ඇමැතිවරු තවත් කැබිනට්‌ පත්‍රිකා දෙකක්‌ ඉදිරිපත් කළා. ඒකටත් සිව් පුද්ගල කමිටුවක්‌ පත් කළා. මමත් ඒකෙ සාමාජිකයෙක්‌ අගමැතිතුමා මයි මාව නම් කළේ. මට කියන්නේ නැතිව හොර රහසේ රැස්‌වීම් පවත්වල තීන්දු ගන්නවා. නවීන්ලට මේ වෙනුවෙන් කෙතරම් මුදල් ආධාර ලැබෙනවාද දන්නේ නැහැ. ඒත් එයාලට එහෙම තනි තීරණ ගන්න බැහැ යෑයිද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *