රියදුරු බලපත්‍රට පැය ගණනක් පෝලිමේ දුක්විදින ගම්පහ ජන දුක

ගමිපහ රියදුරු බලපත් සදහා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම ට උදෑසන 2 සිට පෝලිමේ ජනතාව දුක් විදින අයුරැ මෙන්න—මිටර් සියගණක් දිගට පෝලි ම්

රියදුරු බලපත් ලබාගැනීම සහ දීර්ග කිරීම සදහා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම පිනිස ගම්පහ දිස්ත්‍රික්කයට ඇති ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ප්‍රමාණවත් පරිදි නොවීමෙන් වෛද්‍ය පරීක්ෂණයන්ට පෙනී සිටීමට පැමිනෙන්නන්ට දැඩි අපහසුතාවයකට පත්වීමට සිදුව ඇත.

වෛද්‍ය පරීක්ෂණයන් සදහා පෙනී සිටීම පිනිස දිනකට 500 කට පවා අක පිරිසක් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණෙන අතර දෛනිකව 450 දෙනෙකු පරීක්ෂාවන්ට ලක්කිරීම පිනිස අංක ලබාදීම සිදු කෙරෙන බැවින් මෙලෙස අංක ලබා ගැනීම පිනිස පෙරදින රාත්‍රියේ සිට පෝලිමක රැදී සිටීමට වෛද්‍ය පරීක්ෂාව සදහා පැමිනෙන්නන්හට සිදුව ඇති ආකාරයක් පෙනෙන්ට තිබේ.

වෛද්‍ය පරීක්ෂණ සදහා සතියේ දිනවල පෙරවරු 6 වන විට ගමිපහ දිස්ත්‍රික්කයෙහි දුර බැහැර ප්‍රදේශවල සිට පවා අක පිරිසක් ; ගම්පහ කච්චේරිය ඉදිරිපිට පිහිටි පෞද්ගලික නිවසක පවත්වාගෙන යනු ලබන මෙම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ආකාරයක් දක්නට ලැබුනු අතර එහි සිටි දිවුලපිටියෙන් පැමිණියෙකු පවසා සිටියේ තමන් රාත්‍රි 12 ට පැමිණ පෝලිමට පළමුවෙන්ම එක්වු බවය.

පරීක්ෂණ සදහා පැමිණ නිකුත් කෙරෙන අංක 450 අතර එක්වීමට නොහැකි වුවහොත් යළිත් පසුදින පැමිණීමට හෝ නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයට යාමට ඔවුනට සිදුවන බවද මෙහිදී දැනගත හැකිවිය.

කාන්තා පිරිමි පාර්ශ්‍රවයේ තරුණ වැඩිහිටි පිරිස් පෙරදින රාත්‍රියේ සහ අලුයම පැමිණ පෝලිමක ගත කිරීමට සිදුව ඇති අතර පෞද්ගලික නිවසක පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයෙහි වැසිකිළි පහසුකම් පවා නිසියාකාරයෙන් නොවීමෙන් ඔවුනට පත්වීමට සිදුව ඇත අපහසුතාවය අමුතුවෙන් කිවයුතු නොවන්නකි.

ගම්පහ දිස්ත්‍රික්කයට ඇති මෙම වෛද්‍ය මධ්‍යස්ථානය වෙතින් සේවාව ලබා ගැනීමට පවතින අපහසුතාවය සම්බන්ධයෙන් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා වෙත යොමු කළ අතර දිසාපති වරයා ප්‍රකාශකර සිටියේ මෙහි පවතින අපහසුතාවය තමන්ට වාර්තාවී ඇති බවත් මෙහිදී දිනකට 1000 ක් පමණ දෙනෙකු පරීක්ෂාවට ලක්කළ හැකි පරිද්දෙන් ව්‍යාප්ත විය යුතු සේම දැනට මෙහි සිටින සිවි දෙනෙකු වන වෛද්‍යවරුන් සංඛ්‍යාව දස දෙනෙකු පමණ වැඩි කොට සෙසු කාර්ය මණ්ඩලයද වැඩිවිය කළ යුතු බවය.

අවශ්‍යතාවයට සරිලන පරිද්දෙන් මෙම වෛද්‍ය මධ්‍යස්ථානය නොමැතිවීම පිළිබදව ප්‍රවාහන හා සිවිල් ගූවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගෙන් විමසු අතර හෙතෙම කියා සිටියේ දිස්ත්‍රික් 25 හිම ඇති ප්‍රවාහන වෛද්‍ය ආයතන වැඩි දියුනු කිරීමට සැලසුම් කොට ඇති බවත් පළමුවෙන්ම අක තදබදයක් පවතින ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන් සදහා ඇති වෛද්‍ය මධ්‍යස්ථාන දෙක සදහා ගොඩනැගිලි ඉදිකරීම පිනිස කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති අතර එම ඉදිකිරීම් සිදු කෙරෙන තෙක් දැනට ඇති මධ්‍යස්ථාන වලට වෛද්‍ය වරුන් සහ කාර්ය මණ්ඩල ලබා දෙමින් මාසයක් තුල පහසුකම් වැඩිකරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *