ගමිපහ නිහඩ සිංහයා අවදි වෙයි–ගමිපහ බණ්ඩාරනායක උරැමය මහින්දට???? පණ්ඩු මහින්දට?????

ගමිපහ නිහඩ සිංහයා අවදි වෙයි–ගමිපහ බණ්ඩාරනායක උරැමය මහින්දට???? පණ්ඩු මහින්දට?????

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂාකර ගැනීම සදහා මෙම පක්ෂය තුල සිටිමින් ඒකාබද්ධ විපක්ෂය සමග සහ මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන බව ශ්‍රී ලං නි ප ගම්පහ සංවිධායකව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා යක්කලදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්පහ ආසන සංවිධායක ධුරයට වෙනත් අයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම පිනිස යක්කල ; මඩුගස්වලව්වේ පැවති මාධ්‍ය හමුවේදී බණ්ඩාරනායක මහතා එසේ සදහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් පණ්ඩු බණ්ඩාරනායක මහතා මෙසේද පැවසීය.

” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 වසරෙදි අරඹන විට එහි ආරම්භක සාමාජිකයෙකු ලෙස මගේ පියා වන එස්.ඩී.බණ්ඩාරනායක ; එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඩී.ඒ.රාජපක්ෂ මහතා වැනි අය සමග මෙම පක්ෂය සමග එතුමා කටයුතු කරල මෙම මඩුගස් වලව්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තෝතැන්නක් හැටියට භාවිතා කළ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක උනා.

එදා සිට එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා සමග මාගේ පියා ගෙනආ වැඩපිළිවෙල වත්මන් දේශපාලනය තුල මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියදී මේ වනවිට විවිධ ජාවාරම් කරුවන් අතට පත්ව තිබෙන යුගයක් බවට පත්ව තිබෙනව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වු සෑමවිටකම ගම්පහ ආසනය මමත් මගේ පියාත් රැකගත්ත. මෙවැනි ප්‍රබල ශක්තියක් තමයි ගම්පහ ආසනය. නමුත් අද වනවිට අපිට විශාල අසාධාණයක් සිදුව තිබෙනව. ශ්‍රී ලං නි ප ගම්පහ ආසන සංවිධායක වරයා හැටියට වසර 15 කට වඩා වැඩි කාලයක් මම කටයුතු කළා. අද මාව දැනුවත් නොකොට ගම්පහ ආසනයට අලුතින් සංවිධායක වරයෙකු පත්කොට තිබෙනව. පක්ෂයේ ලේකම් වරු මුදලට යටවෙලා ; එහෙම නැත්නම් වර්තමාන දේශපාලනය සම්පුර්ණයෙන්ම විකෘති කරමින් කටයුතු කරනවයි කියනඑක අපි මකත් කළ යුතුයි.

අද ගම්පහ ජනතාව අප සමග ඒකරාශී වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කළ යුතු යුගයක්. ඒ නිසා අපි මේ කටයුතු වලදී විශේෂයෙන්ම දැඩි තීරණවලට යොමු වෙලා කටයුතු කරමින් ශ්‍රී ලං නි පක්ෂය ආරක්ෂා කරන්නත් ඒ වගේම එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමටත් වැඩපිළිවෙලකට යාමටත් කටයුතු කරනව.

අද අපි ගම්පහ ආසනය තුල මධ්‍යම බල මණ්ඩලය ; තරුණ සංවිධාන ; කාන්තා බල මණ්ඩල සහ ගිය මැතිවරණයට ඉදිරිපත්ව සිටින ගම්පහ නගර සභා සහ ප්‍රාදේශී සභා මන්ත්‍රී වරුන් සියලු දෙනාම එකට එක්ව ඉදිරි ගමනක් යාමට ශක්තිමත්ව සිටිනව. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට මෙම පක්ෂය තුල සිටිමින් කටයුතු කරනවා සේම අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටිමින් අපේ ශක්තිය ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධ කරමින් ගම්පහ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනව. අපි එදා වගේම අදත් ; හෙටත් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රකාශ කරනව.

අපට අකටයුත්තක් කළ නිසා මෙවර ශ්‍රීලංනිප මැයි දිනයට සහභාගි නොවී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන බවත් පැහැදිළිව ප්‍රකාශ කිරීමට කැමතියි. “

මෙහිදී මාධ්‍යවේදීන් නැ ප්‍රශ්න වලට පණ්ඩු බණ්ඩාරනායක මහතා පිළිතුරු දෙනු ලැබුයේ මෙසේය.

ප්‍රශ්ණය :- ඔබ තුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීම ගැන දැනුම් දීමක් කර තිබෙනවද ?

පිළිතුර :- ” නැහැ . ලිඛිත දැනුම් දීමක්කර නැහැ. මම සංවිධායකකමින් ඉවත් කිරීමක් ගැන දැනුම් දීලත් නැහැ. ගම්පහ ආසනය සදහා ව්‍යාපාරිකයෙකු පත්කොට සිටිනව.”

ප්‍රශ්නය :- ඔබගේ ඉදිරි දේශපාලන ගමන්මග කෙසේ වේද ?

පිළිතුර :- ” ඉදිරියෙදි යම් යම් පියවර ගැනීමට සිදුවෙනව. අපිට පේනව මේ ආරක්ෂාව පිනිස අපි සැවොම ඒකරාශි වියයුතු යුගයක් බවට පත්ව තිබෙනව.”

මෙම අවස්ථාවට ශ්‍රීලංනිප ගම්පහ ආසන මධ්‍ය බල මණ්ඩලයේ ලේකම් නෙල්සන් අමරසිරි ; තරුණ සංවිධානයේ සභාපති ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක ; එහි ලේකම් දිලුෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *