ගම්පහ මැතිවරණ සටනේ මනාපයේ බල පෙරළි රැසක්

ලංකාවේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික් ඒ මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා තීන්දුව කෙසේ වේවිද ?

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 13 කින් සමන්විත ලංකාවේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින එනම් ඡන්ද දහ අට ලක්ෂයකට අධික ප්‍රමාණයක් තිබෙන ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය වෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමත් විය. ඒ වැඩි ඡන්ද ලක්ෂ හතරකට ආසන්න ගණනකින්ය..

එම මැතිවරණ ප්‍රතිඵලය තවමත් මහ පොළොවේ යථාර්ථයක් වී තිබේද??

එම මැතිවරණ ප්‍රතිඵලය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමට රැක ගැනීමට හැකිද??

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ලබා දුන් ජනතා සහන ප්‍රමාණවත්ද?

පසුගිය මාස කිහිපයේ ඔවුන්ගේ මැදිහත් වීම ප්‍රමාණවත්ද??

වෙනදා මෙන් ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම මෙහෙයවීමේ බර කරට ගෙන ඇත්තේ හිටපු ප්‍රධාන අමාත්‍ය වරයෙකු මෙන්ම වත්මන් කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනි .

පවතින තත්වය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි වාසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්පත් කරගෙන ඇත. එජාපයේ දෙකඩ වීම ඔවුන් නැගී සිටීමේ අවස්ථාව අහිමි කරගෙන ඇත. එහි වාසිය ජාතික ජන බලවේගය වෙත තල්ලු වීම හරහා ඔවුන්ට තරගය වාසි දායක තත්වයක ඇත. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී එජාපය පරමුඛ සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පලකල බොහෝ පිරිසක් ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් ඇත. එජාපයේ බොහෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙවර මැතිවරණයේදී රනිල් සජිත් පාර්ශවයන් දෙකටම සහය පළකිරීමකින් තොරව නිහඩ වීම හරහා ඔවුන්ගේ සහය ජාතික ජන බලවේගය වෙත තල්ලු වී ඇත මේ හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ අද වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සැදී ඇති අවසන් ප්‍රථිපලය වන්නේ පොහොට්ටුව මන්ත්‍රී ආසන 10 ක් සමගි ජන බලවේගය 4ක් එජාපය 2ක් ජාතික ජන බලවේගය 2 ක් වශයෙනි එහෙත් අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ නායකත්වය ලබා දෙන අපේ ජන බල පක්ෂය ගම්පහ මැතිවරණ සටන තීරණාත්මක තැනකට තල්ලු කිරීම හරහා ඔවුන් වෙතද මන්ත්‍රී අසුනක් ලැබෙන තැනට මැතිවරණ සටන තල්ලු වෙමින් ඇත ඒ අපේ ජන බල පක්ෂය ජනතාව වෙත සීග්‍රයෙන් ගමන් කිරීමයි එහිදී වඩාත් අවාසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතය ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ජනබල පක්ෂය ලබාගන්න ඡන්ද වලින් 75% පොහොට්ටුවේ ඡන්ද වීම නිසා අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ නායකත්වය ලබාදෙන එම පෙරමුණ වෙත පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය පලකල සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් වැඩි කොටසක් හිමි වීම වැළකිය නොහැක. මන්ත්‍රී අසුන ආසන්නයට පැමිණ ඇති ඔවුන් හොද තරග කරුවෙකු බවට පත්ව ඇත මේ නිසා මෙවර මැතිවරණයේ ගම්පහ පෙරලිය ජාතික ජන බලවේගය සහ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ නායකත්වය ලබාදෙන පෙරමුණ ලබාගන්නා මන්ත්‍රී ආසන යන නිසාය මේ අනුව ජාතික ජන බලවේගය විපක්ෂයේ ඡන්ද ගොඩ ආකර්ෂණය කිරීමත් අපේ ජන බල පක්ෂය ආණ්ඩුවේ ඡන්ද ගොඩ ආකර්ෂණය කිරීමත් හරහා ගම්පහ ජන බලයේ පෙරලි රැසක පෙරමග නිමිති පහල කරමින් ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල බලවේගය යන කණ්ඩායම් දෙකට බෙදීම තුළ ගම්පහ දිස්ත්‍රික් ගියේ වැඩි වාසි අත් වන්නේ කාටද?? .

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රණතුංග පවුලේම තවත් සාමාජිකයෙකු විසින්ය.ඒ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසිනි කෙසේ වෙතත් එජාපයේ වැඩි වාසිය සජිත් පිල විසින් අත්පත් කරගෙන ඇත

සමගි ජන බලවේගයේ ප්‍රබලයන් රැසක් සිටියද එහි කණ්ඩායම් නායකත්වය හිමිව ඇත්තේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වසර තිහකට ආසන්න කාලයක් ජනතාවත් සමග කටයුතු කළ එඩ්වඩ් ගුණසේකර මහතා විසිනි .සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබාදෙන සමගි ජන බලවේගයට මෙවර ගම්පහින් මන්ත්‍රී අසන 5 පමණ ලැබෙනු ඇති බවට පූර්ව මැතිවරණ විශ්ලේෂණයේදී තහවරු වී ඇත. එම ප්‍රතිපලය තහවරු වන්නේ ඔවුන් එජාපයට එරෙහිව ගම්පහ මැතිවරණ ව්‍යාපාරය සිදුකරන ආකාරය අනුවය

ගම්පහ දිස්ත්‍රික්දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගය සැලකිය යුතු මට්ටමක සිටිනවා දැයි සොයා බැලිය යුතුමය වසර විස්සකට අධික කාලයක් ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරන විජිත හේරත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ජාතික ජන බලවේගයේ නායකත්වය දරමින් කණ්ඩායම මෙහෙයවනු ලබයි.ජාතික ජන බලවේගයට එළඹෙන මැතිවරණයේ ගම්පහ මැතිවරණ සටන ඇත්තේ අසන දෙකක් තහවරු කිරීම සදහාය

එම ප්‍රධාන කණ්ඩායම් හැරුණු කොට මෙවර යම් තර්ජනයක් එල්ල කිරීමට හැකි යැයි අප විශ්වාස කරනු ලබන්නේ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ නායකත්වය ලබාදෙන අපේ ජන බල පක්ෂයටය .එම පක්ෂයේ නැගී සිටීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එතරම් හිතකර නොවන බව අපි මෙහිලා සඳහන් කරන්නේ සාධක සහිත ව ය

ප්‍රසන්න රණතුංග මේ වරතේ වරත් තනි අශ්වයෙකු වෙයිද?
ප්‍රසන්න රණතුංග මහතා මෙවර කණ්ඩායමට නායකත්වය දෙමින් ඔහු බලාපොරොත්තු වන ජයග්‍රහණය ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්පත් කර ගැනීමට කර ගැනීමට ඔහුට ඇති හැකියාව කෙබඳුද .

වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ඉදිරිපත් වූ සෑම මැතිවරණයකදීම සියලුම අපේක්ෂකයන් අභිබවමින් වැඩිම මනාපයෙන් තම ජයග්‍රහණය සනිටුවහන් කරගත් චරිතයකි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප තුන් ලක්ෂ අසූ දහසකට අධික ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික් ඔහු ලබා ගන්නා ලදී

මෙවර ඔහුට ඇති එකම අභියෝගය එම මනාප සංඛ්‍යාව අභිබවා යාම හෝ එම මනාප සංඛ්‍යාව රැක ගැනීමයි එම ඉලක්කය පසුකර ය කර යෑම දැඩි අභියෝගයකි එම ඉලක්කය තුළ සිටීමත් අභියෝගයකි එහෙත් එම අභියෝගයන් ජය ගැනීම වෙනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුව තම ජයග්‍රහණය පහසුව වෙනුවෙන් සකස් කරගෙන ඇති බව බැලූ බැල්මට දැකිය හැකි ය

ගම්පහ දොම්පේ මහර අත්තනගල්ල වැනි වාමාංශික ඡන්ද වැඩිම ප්‍රමාණයක් ඇති ආසන තුළ ඔහු තම හිතවතුන් සහ තම පාක්ෂිකයින්ට අපූරුවට පෙළගස්වා ඇත එම ආසන වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් සියල්ල ම ප්‍රසන්න රණතුංග මහතාගේ හිතෛෂීන් වීම ඔහුගේ මෙවර මනාප ඉලක්කයට පහසුවක් වී ඇත .

මැතිවරණය ආරම්භ වීමටත් පෙර ප්‍රසන්න රණතුංග මහතාට අභියෝගයක් එල්ල කරමින් සිටී නාලක ගොඩහේවා මේ වන විට පසුබා තිබේද?ගම්පහ මැතිවරණ සටන ආරම්භයේ දී ඉතාමත් ඉහළ ඉහළ ප්‍රතිචාරයක් සහිතව කටයුතු කරමින් සිටී නාලක ගොඩහේවා මහතාට මේ වන විට සිදුව ඇති විපර්යාසය කුමක්ද .

සැබැවින්ම නාලක ගොඩහේවා පසු බා නොමැත සිදුව ඇත්තේ නාලක ගොඩහේවා වටා සිටි ප්‍රබලයින් නැවතත් ප්‍රසන්න රණතුංග පාර්ශවය වෙත ළං කර ගැනීමයි එ හෙත් නාලක ගොඩහේවා මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ඉතාමත් සීඝ්‍රයෙන් ළංවී ඇති ඇති දේශපාලන චරිතයක් බව කිව යුතුමය

නාලක ගොඩහේවාට ඡන්දය දෙන්නේ කවුද?

නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික් පදිංචිකරුවෙකු නොවන බව සැබෑ ය එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ද ජනතාව ගම්පහ දිස්ත්‍රික් ජනතාව නොවන බව සැබෑය ගම්පහ දිස්ත්‍රිකයේ සිටින්නේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ පදිංචි වූ පුද්ගලයන් බව කිව යුතුමය එහි වාසිය නාලක ගොඩහේවා අත්පත් කර ගැනීම වැළැක්විය නොහැකි වනු ඇත .

මෙවර මැතිවරණයේදී නාලක ගොඩහේවා සිටින තැන කීමට තවමත් කල් වැඩිය එහෙත් එක දෙයක් කිව හැකිය එනම්මැතිවරණයේ සියලු අපේක්ෂකයන්ට හොඳ අභියෝගයක් එල්ල කරන අපේ අපේක්ෂක වූ බව පමණක්ය

ඒ කෙසේ වෙතත් නාලක ගොඩහේවා ජයග්‍රහණයෙන් පසු ගම්පහ ජනතාවට සොයා ගැනීමට නොහැකි වීම නම් අරුමයක් නොවනු ඇත ඒ ගම්පහින් මනාප ලබා පාර්ලිමේන්තු ගිය සියලු පිටස්තර අපේක්ෂකයන් සිදුකල දෙය නාලක ගොඩහේවා අතින් සිදුවීම වැළකිය නොහැක

එසේ නම් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ දිනන ලැයිස්තුව කවුද

ප්‍රසන්න රණතුංග මහතා මනාප සටනේ ප්‍රථමයා වන බව තබා ඇති විශ්වාසය එලෙස ම තබමු ජයග්‍රාහී දෙවැනි පොකුර ගැන අපි විමසා බැලීම කළ යුතුම ය .

ඒ වෙනුවෙන් අපේක්ෂකයන් රැසක් පෙළ ගැසී ඇත එම පොකුර නාලක ගොඩහේවා සහන් ප්‍රදීප් ඉන්දික අනුරුද්ධ දුලිප් විජේසේකර ප්‍රසන්න රණවීර නිමල් ලන්සා අතරින් අයෙකු බව පමණක් දැනට කිව හැකි ය .එහෙත් නිමල් ලන්සා වෙත ඇති ජනතා ප්‍රසාදය එතරම් යහපත් නැත ඔහුගේ දේශපාන ගමන ගැන ගම්පහ ප්‍රගතශීලී අසන කිහිපයේ ජනතා තුල ප්‍රසාදයක් නොමැති නිසා ඔහුට සැලකිය යුතු මනාපයක් එම ආසනවලින් නොලැබෙනු ඇත කතෝලික ප්‍රදේශවල ජනතාව අතරින් පෙරට පැමිණීම හැර ලන්සට වෙනත් විකල්පයක් නොමැත

මෙරිල් පෙරේරා ආනන්ද හරිස්චන්ද්‍ර සිසිර ජයකොඩි ලලන්ත ගුණසේකර ඔවුන් ද මෙවර මැතිවරණයේ දී සැලකිය යුතු ජනතා ප්‍රසාදයක් සහිත අපේක්ෂකයන් බව කිව යුතුමය.

මෙවර ලසන්ත අලගියවන්න ස්ථානගත සිටින ස්ථානය තවමත් අවිනිශ්චිත වී ඇත ඒ ඔහු වටා ගොඩනැගී ඇති බලවේගන් වෙනත් පාර්ශව සමග කටයුතු කිරීමත් ඔහුට එරෙහි පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ පරහරයත් හේතුවී ඇත ලසන්ත මේ අතරින් රිංගා ගැනීම ලොකු අභියෝගයකි ගම්පහ මනාපයන් අතරින් ලසන්ත වෙත මනාපය පළකරණ කණ්ඩායම් තවමත් නිශ්චිත නැත එහෙත් ලසන්ත යනු දේශපාලනයේ යටි කුට්ටු කාරයෙකි ඔහු හැම විටම දිනන පැත්ත වෙත තල්ලු වෙන අතීතයක් හිමි අයෙකි ඔහුගේ යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය දූරය නිසා ජනතාව අතර ඇති විරසකය නිසා ඔහුගේ දේශපාලන ගේම වැඩකරන්නේ කොමාන දිශාවකටද යන්න කීමට කල් වැඩිය

සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ හිටපු අමාත්‍යවරියමෙවර මැතිවරණයේ දී එතරම් සාර්ථක ස්ථානයක මේ වන විටත් ස්ථානගත වී නොමැත මෙම සියලූ සියළු අපේක්ෂකයන්ගේ ස්ථානයන් ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ යම් වෙනසකට භාජනය වීමේ ඇති හැකියාව නැතුවාම නොවෙති ඉදිරි මැතිවරණ විශ්ලේෂණයේ දී ඒ පිළිබඳ වඩාත් විස්තරාත්මකව පැහැදිලි කිරීමට අප සූදානම් ව සිටී .

සමගි ජන බලවේගයේ ජයග්‍රහයකයින් කවුද?

සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන සමගි ජනබලවේගයේ බලවේගයේ මෙවර ගම්පහ මනාප සටනේ මේ වන විටත් පෙරමුණේ සිටින්නේ ආන්දෝලනාත්මක චරිතයක් වන රන්ජන් රාමනායක මහතා ය .ඔහු නිසැකවම එම කණ්ඩායමේ මනාපයේ ප්‍රථමයා වනු ඇත

හර්ෂණ රාජකරුණා සරත් ෆොන්සේකා එඩ්වඩ් ගුණසේකර මේ සටනේ දෙවෙනි පොකුර නියෝජනය කරති වඩාත් ග්‍රාමීය අපේක්ෂකයා එඩ්වඩ් ගුණසේකර මහතා වුවද ඔහු අත්දැකීම් සහිත දේශපාලකයෙකි ඔහු වෙත මෙවර අපූරු අවස්ථාවක් හිමිව ඇත ඒ ඔහු පළමුව මන්ත්‍රීවරයා කල දිවුලපිටිය ආසනයත් දෙවනුව මන්ත්‍රී වරයා බවට පත්වූ මිනුවන්ගොඩ ආසනයත් අතරින් මීරිගම ආසනයත් හිමිවීම හරහා එම ආසන තුනෙහි වැඩි මනාපය ඔහුට ලැබීම තුල ඔහුට මෙවර පාර්ලිමේන්තු යාමේ අවස්ථාව වැඩිවී ඇත

චතුර සේනාරත්න හිටපු මන්ත්‍රී වරයා මෙවරත් ගම්පහ සමගි ජන බලවේගයෙන් කරලිය පිවිසියද තවමත් නිහඩ ව සිටී පසුගිය මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ගිය චතුර ගම්පහට කල දෙයක් නොමැති බව ජනතාව කියති සැබෑය චතුර කියන්නේ තවත් පබා කෙනෙකු බව ගම්පහ ජනතාව තුල මතයක් ඇත ඒ නිසා මෙවර චතුර මේ වනවිට සිටින්නේ පරාජිත ලැයිස්තුව තුලය

හිටපු අමාත්‍ය වරයෙකු වන විජිත් විජයමුණි සොයිසා මහතා මෙවර සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින අතර ඔහුද සැලකිය යුතු මට්ටමක මේ වන විට ස්ථාන ගතව ඇත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වෙත මෙවර ජනතා මනාපය යහපත් තැනක නොමැත ඒ ඔහු නියෝජනය කරන මීගමුවේ සහ උපන් ගම වන ජා ඇල ආසන වල ඔහු පිළිබද එතරම් ප්‍රසාදයක් නොමැති නිසාය.

එජාපය මුලදී එක මන්ත්‍රී ආසනයක සිටියද ඔවුන්ද ක්‍රමයෙන් දෙවැනි මන්ත්‍රී ආසනයට ලංවීමේ ප්‍රවනතාවය නිසා අර්ජුන රණතුංග සහ රුවන් විජයවර්ධන වෙත මන්ත්‍රීධූරයන් ලැබීමේ සමිභාවිතාවය තව වැඩි වී ඇත. එම ආසන දෙක එජාපයට වෙන් වන්නේ නම් සමගි ජන බල වේගයේ මන්ත්‍රී අසුනක් අහිමි වනු ඇත.

මෙවර මැතිවරණයේ අපේ ජන බල පක්ෂය නියෝජනය කරන අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ හොද සටනකට අවතීරණය වෙමින් ඇත. ඒ සදහා ඔවුන් මෙවර හොද කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත ඒ සදහා සමාජ සේවකයින් වෘතිකයින් නීති වේදීන් සහ ව්‍යාපාරිකයන් ඒ අතරින් කැපී පෙනෙති විශේෂයෙන් මීරිගම ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක සුනේත්‍රා සමරකෝන් වෙත මීරිගම අත්තනගල්ල සහ දිවුලපිටිය ප්‍රදේශ වල සැලකිය යුතු ජනතා ප්‍රසාදයක් හිමි කාන්තාවකි ඇය අපේ ජන බල පක්ෂයේ ප්‍රචාරණ කටයුතු මෙම ප්‍රදේශවල ඉතා සාර්ථකව දියත් කර ඇත මෙවර අපේ ජන බල පක්ෂ ආසනයකට හිමිකම් කීමේ සම්භාවිතාව ඉහල යමින් ඇත එවිට අහිමි වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් අසුනක් වීමට බොහෝ ඉඩ ඇත. අපේ ජනබල පක්ෂයේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යාමත් මහා සංඝරත්නය මුල්කරගත් මැතිවරණ ව්‍යාපාරයත් නිසා ඔවුන්ට ජන සමාජයේ ආකර්ශනය වැඩි වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *