ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා..
ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා..
ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොරෝනා ලක්ෂණ පෙන්වීම් මත සිදුකරන ලද පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී ඇත.
ඔහුගේ ආශ්‍රිතයන් 75 දෙනකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධනයට ලක් කිරීමටත් අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.
නගරාධිපති එරංග සේනානායක මහතා ප්‍රකාශ කළේ අද දින නගර සභා සංකීර්ණය විෂබීජ හරණයට ලක්කර බවත් ආශ්රිත මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් හෙට පිසිආර් පරීක්ෂණ කටයුතු සඳහා ද යොමු කරන බවයි.