ගම්පහ බාර් වලට කලින්ම අවුරුදු ඇවිත්-හේතුව මෙන්න

ගම්පහ බාර් වලට කලින්ම අවුරුදු ඇවිත්-හේතුව මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දිනවල බේබද්දන් වැඩිවී මත්පැන් අලෙවිය වැඩි වී ඇති බව වාර්තාවලින් පෙනී යයි. කොරොනා වෛරසයට එයට මුහුණදීමට ශරීරයේ වැඩි උෂ්ණත්වයක් පවත්වාගෙන යා යුතු බැවින් මත්පැන් පානය ඉහල ගියා යයි ඇතමෙක් පැවසිය හැකිය. ඇතැම් රටවල සමහර වෛද්‍යවරු පවා අධික මත්පැන් පානය කොරෝනා වලින් ආරක්ෂා විය හැකි තාවකාලික විසඳුමක් ලෙස හඳුන්වාදී තිබිණි. එහෙත් ගමිපහ හේතුව ඊට වෙනස්ය. ගම්පහ මත්පැන් පානය ඉහළ යාමට හේතු වී ඇත්තේ කොරෝනා නොව දේශපාලනයයි. මහ මැතිවරණයට පොරකන බොහෝ අපේක්ෂකයන් තමන්ගේ කුඩා රැස්වීම්( pocket meeting) වලටත් එන අයට මත්පැන් දන්සල් දෙති,

සජිත් පිලේ එක් අපේක්ෂකයකු( මහජන ඡන්දයෙන් ගම්පහ දිස්තික්කයේ පරාජය වූ ) කුඩා රැස්වීම් සංවිධාන කරන අයෙකුට රුපියල් විසිපන්දාහක් ලබාදෙයි,ඒ මුදල රැස්වීම සංවිධානය කරන අයටය එම රැස්වීම් වලට එන පිරිමි අයට හිමි වන්නේ ඊටත් වඩා වටිනා තැග්ගකි. එනම් අරක්කු බෝතල් පහ හයකි. සංවිධායකයා තමාගේ අසල්වැසියා යන් කිහිපදෙනෙකු රැස්වීම් වලට ගෙන්වා ගන්නා අතර අවසානයේ ඔවුන්ට අරක්කු සාදයක් ද පවත්වයි. මෙම ක්‍රමයට ඡන්ද ගැනීමට උත්සාහ දරන අපේක්ෂකයන් දැනටමත් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශවල රැස්වීම් පවත්වා තිබේ

මීගමුව ප්‍රදේශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු දැනටමත් ගම්පහ දිස්ත්‍රික්ක විවිධ පළාත්වල ජනතාව කණ්ඩායම් වශයෙන් ගෙනවිත් මත්පැන් ලබාදෙන බවට තොරතුරු අපට මේ වන විටත් ලැබී ඇත. එය ගම්පහ දිස්ත්‍රික් බුද්ධිමත් ඡන්ද දායකයින්ගේ පිළිකුලට හේතුවන කරුණක් වී ඇත.
ඊට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශන රැසක් අප සතුය. බොහෝ දෙනා මේ දර්ශන ක්‍රමය අඩු වැඩි වශයෙන් දැනටමත් ආරම්භ කර ඇත. මත්පැන් පරිභෝජනයේ හා අලවිය වැඩිවිමෙි සැඟවුණු රහස මෙයයි.. එදිනෙදා වේල සොයා ගන්නා ගම්වල දුප්පත් අයට මේ මත්පැන් සංග්‍රහය සාර්ථක වුවද මධ්‍යස්ථය මතධාරීන්ට එය පිළිකුල් සහගතය. තරමකට පඩියක් ලැබෙන රැකියා කරන හා මධ්‍යස්ථ මතධාරීන් ගම්පහ දිස්තික්කයේ වැඩිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්පැන් දේශපාලනය ප්‍රතික්ෂේප කරන බහුතර ඡන්දදායකයින්ට වඩාත් සමීප වී ඇත්තේ දිවුලපිටියෙ කේන්ද්‍ර කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන මතින් තොර මැතිවරණ ව්‍යාපාරයයි. මත්පැන් හා මත් ද්‍රව්‍ය වලින් තොරව මැතිවරණ ව්‍යාපාරය ගෙනයන බව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිඥාවක් දී ඇත්තේ ඔහු පමණි. මේ නිසා බහුතර ඡන්ද දායකයින් ඉන්දික අනුරුද්ධ මහතාට සමීප වෙමින් පවතින බවක් දක්නට ඇත.

අවම වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ පවා මෙවැනි ප්‍රතිඥාවක් ලබාදී නොමැත.මෙවනි තත්වයක් යටතේ ඉන්දික අනුරුද්ධ ගමිපහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත්වී සිටින අතර ඔහුට මැතිවරණ වේදිකාවේ දී චෝදනා එල්ල වන ආකාරය දැකිය හැකිය. මත්පැන් දන්සැල් දෙන අපේක්ෂකයින් ඉන්දිකට එරෙහිව අභූත චෝදනා ඉදිරියේදී තවත් වැඩි කරනු ඇති බවටයි. දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *