ගම්පහ ප්‍රදේශයේ කෝටි ගණන් මුදල් වංචා කල සක්විති නෝනා කෙනෙකුට වැඩ වරදි
ගම්පහ ප්‍රදේශයේ කෝටි ගණන් මුදල් වංචා කල සක්විති නෝනා කෙනෙකුට වැඩ වරදි
ගම්පහ ප්‍රදේශයේ බැංකුවක ගණකාධිකාරිවරියක ලෙස සේවය කරමින් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපරේතමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාව එම මූල්‍ය ආයතනයේ රුපියල් දෙකෝටි විසිනව ලක්ෂ 41,000ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණි.
මේ පිළිබඳ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඇයගේ ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක් ද පනවා තිබූ බව සඳහන්ය.
කෙසේවෙතත් සැකකාරිය පසුගිය 18 වනදා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් ඇය පලාගොස් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය .
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකතන කුළුණු වාර්තා ඔස්සේ සිදු කළ විමර්ශනයකදී සැකකාරිය කෑගල්ල ප්‍රදේශයේ සිටින බවට අනාවරණය කර ගැනීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය 36 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
සැකකාර කාන්තාව ආගමන විගමන නිළධාරින් භාරයේ සිටියදී පලායාම සම්බන්ධයෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.