ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇදිරි නීතිය . සදුදා දින අලුයම 05.00 දක්වා

ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇදිරි නීතිය . සදුදා දින අලුයම 05.00 දක්වා

අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

එය එළැඹෙන සදුදා දින අලුයම 05.00 නැවත ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අතර කඩවත පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි බංගලාවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයට සංචාරන සීමා පැනවීමට කටයුතු කර තිබේ.

එම ප‍්‍රදේශයන්ගෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමු වූ නිසා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ නැවත දැනුම් දෙන තුරු මෙම සීමා ක්‍රියාත්මක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *