ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් සංචාරක හෝටල් වල ලිංගික උත්තේජන ඖෂධ අලෙවි කරන ජාවාරමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් සංචාරක හෝටල් වල ලිංගික උත්තේජන ඖෂධ අලෙවි කරන ජාවාරමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් සංචාරක හෝටල් වල මෙරට ලියාපදිංචි නොමැති සහ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලිංගික උත්තේජන ඖෂධ අලෙවි කරන බවට ආහාර හා ඖෂධ අධිකාරියට ලැබී ඇති තොරතුරු මත අද (22) දහවල් තරු පන්තියේ හෝටල් පරීක්ෂා කිරීමේදී වත්තල ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබී එවන් ඖෂධ තොගයක් අත්අඩංගුවට ගැණීනි.

ආහාර හා ඖෂධ අධිකාරියේ ගම්පහ සහ කොළඹ කාර්යාලයන්හි නිලධාරීන් විසින් සිදුකළ මෙම පරීක්ෂාවේදී වත්තල මුහුදු තීරය ආශ්‍රිතව තරු 4 පන්තියේ හෝටලයක පවත්වා ගෙන යනු ලබන විවිධ භාණ්ඩ අලෙවි සැළක තිබී මෙරට ලියාපදිංචි නොකල ලිංගික උත්තේජන ඖෂධ වර්ග 7ක් සහ අධි මාත්‍රාවෙන් යුත් ව්‍යාග්‍රා ඇතුළු ලිංගික උත්තේජන වර්ග ගණනාවක් තිබී එම නිලධාරින් භාරයට ගැණිනි.

වෛද්‍ය නිර්දේශයන් ඇතිව අලෙවි කල යුතු ව්‍යාග්‍රා පෙති 4කින් යුත් පැකට්ටුවක් රුපියල් 11800 ක් හා අලෙවියට තිබූ තවත් වර්ගයක්
රුපියල් 23600 ක් වැනි මිලකට අලෙවි කිරීම පිණිස මෙහි තිබිණි.

තවද මෙහි තිබී වෛද්‍ය නිර්දේශයන් සහිතව මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක් ද තිබී සොයා ගනු ලැබීය. වත්තල
ප්‍රදේශයේ තරු පන්තියේ එම හෝටලය තුළ වෙනත් පුද්ගලයකු විසින් පවත්වා ගෙන යනු ලබන වෙළෙඳ කුටියක බුදු පිළිම, පොත්පත්,
ඇඳුම් පැළඳුම්, විසිතුරු භාණ්ඩ වර්ග, තේ කොළ වැනි භාණ්ඩ වර්ග අලෙවි කරමින් මෙලෙස ලිංගික උත්තේජන වර්ග ද අලෙවි කොට
ඇත.

ආහාර හා ඖෂධ අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අජිත් පෙරේරා, පරීක්ෂකවරුන් වන නීතිඥ බණ්ඩාර වික්‍රමසේකර සහ
ඒ.ජේ.එම්. නියාස් යන මහත්වරුන් විසින් එම වැටලීම සිදු කළ අතර මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ නඩු භාණ්ඩ සහ වෙළෙඳ සැල් හිමිකරු
වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *