ගම්පහ ගොවි රජාගෙන් තවත් ප‍්‍රජා සත්කාරයක්

පාසල් ලමුන්ට ගොයම් සිටුවීම පිළිබ`දව නවීණ තාක්ශණ දැනුමක්

  ජාතික වගා සංග‍්‍රාමයට සමගාමීව නව තාක්ෂණයට අනුව ගොයම් සිටුවීම පිළිබ`දව පාසල් සිසුන් හා ප‍්‍රදේශයේ ගොවී මහතුන් දැන්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා මීරිගම තිළිණගම වෙල්යායේදී පැවත්වින.

පල්ලෙවෙල හා මීරිගම ගොවිජන සේවා මධ්‍යස්ථාන වල අධීක්ෂණය තුලින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කල අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ සූර ගොවියා ලෙසින් සම්මාන ලත් සුනිල් රත්නායක ගොවි මහතා සම්පත් දායකයෙකු ලෙස මෙම වැඩසටහන මෙහෙය වීය.

මෙහිදී වසවිස වලින් තොර එළවළු අලවි සැලක්ද මහජනතාව උදෙසා විවෘතව පැවතිනි.

මේ අවස්ථාවට මීරිගම ප‍්‍රාදේශිය ලේකම් ඉන්දික ද සිල්වා මහතා ඇතුළු කෘෂිකර්ම උපදේශකවරුන්,කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්, මීරිගම බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්
පිරිසක් හා ආචාර්්‍යවරැන්  සහභාගි විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *